Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංගම බස් රියදුරුගේ උපක්‍රමය නිසා පාසල් ළමුන් 70 දෙනෙකුගේ ජීවිත නූළෙන් බේරෙයි

පාසල් සිසුන් පිරිසක් පුරවාගත් ලංගම බස් රථයක් පිදුරුතලාගල කඳු මුදුන කරා ධාවනය කරමින් සිටියදී බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතිවුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

කාර්මික දෝෂයට ලක්වීමත් සමඟ බස් රථය හෙළ දෙසට යා නොදී කණ්ඩිය සහිත පැත්තට හැරවීමට රියැදුරු සමත්ව තිබෙන අතර යම් හෙයකින් හෙළ දෙසට හෝ විශාල බෑවුම් සහිත මාර්ගයේ බස් රථය පසුපසට ආවේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ සිදුවීම වෙන අවස්ථාවේ බස්රථයේ සිසු සිසුවියන් 70 කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් ගාමිණී ජාතික පාසලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන්ය. ඔවුන් රැගෙන ගොස් මෙසේ කාර්මික දෝෂයට ලක්ව තිබුණේ නුවරඑළිය ඩිපෝවට අයත් බස් රථයකි. අධික උස් කඳු මුදුනකට මෙවැනි පිරිසක් පටවාගෙන බස් රථ යෑමට ඉඩදීම ගැන ආරක්ෂක අංශවල මෙන්ම වගකිව යුත්තන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු බව ජනතාව පවසති.

Mandaram_Nuwara_-_Sri_Lanka_(20)



from Gossip Lanka News & Video https://ift.tt/2Edl1iI
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();