
ශ්‍රීයාස් අයියර්ගේ (නොදැවී 93) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී ඊයේ (27 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 164ක් පමණි.
සෙමින් ඉනිම ඇරඹූ ශ්‍රීයාස් අයියර් නියමිත ඕවර සංඛ්‍යාව නිමාවන විට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් පන්දු 40 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කළේය.
ශිවාම් මාවී විසින් යවන ලද අවසන් ඕවරයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් උදුරා ගැනීමට ශ්‍රීයාස් අයියර් සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා ප්‍රිත්වී ෂෝ සමගින් පන්දු 42 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශ්‍රීයාස් අයියර් සිවුවැනි කඩුල්ල සදහා ග්ලෙන් මැක්ස්වෙල් සමගින්ද එක්ව පන්දු 31 කදී ලකුණු 73 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.
සාර්ථක ආරම්භයක් ලබාදුන් ප්‍රිත්වී ෂෝ සහ කොලින් මුන්රෝ පන්දු 42 කදී ලකුණු 59 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට ප්‍රිත්වී ෂෝ සමත්වූ අතර පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කිරීමට කොලින් මුන්රෝ සමත්විය.
නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර් වෙනුවට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ශ්‍රීයාස් අයියර් විසින් මෙහෙයවනු ලබයි.

0 Comments