Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාල වනයේදී කුපිත වූ අලියාගේ සිද්ධිය විදෙස් මාධ්‍යයෙත් අවධානයට.! (PHOTOS)

යාල ජාතික සත්ව උද්‍යානයේ දී ඇතෙකු ශ්‍රී ලාංකීක සංචාරකයන් පිරිසක් පලවා හැරීම සම්බන්ධයෙන් මේ දිනවල විදෙස් මාධ්‍යවල වාර්තා පල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදෙස් සංචාරකයන් අතර ද විවිධ කතා බහට ලක්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකීක සංචාරකයන් පිරිසක් පසුගියදා යාල ජාතික සත්ව උද්‍යානයට පැමිණියා. ඔවුන් ගමන් ගත් වාහනය හරස් කර ගත් ඇතෙක් එම වාහනය තුල ආහාර තිබේදැයි ‍සොයා බලා තිබෙනවා.

එහි ආහාර නොමැති නිසා ක්ෂණිකව ඇතා කුපිත වී ඇති අතර අදාළ ජීප් රථයට පහරදීමට උත්සහා තිබෙන බව වාර්තා වනවා.

එහිදී ඇතා ආහාර සොයන අවස්ථාවෙි දී ජීප් රථයේ රියදුරු ඔහුගේ ආසනයෙන් මදක් ඈත් වී සිට ඇති  බව සඳහන්.

කුපිත වු ඇතා පහරදීමට පෙර සිය හඬ වෙනස් කර ශබ්දය නඟා ඇති බවයි වාර්තා වන්නේ.

එම හඬ ඇසු සංචාරකයන් බියට පත්වී කෑ ගැසීමෙන් තවත් කුපිත වූ ඇතා ජීප් රථයට තදින් පහර දීමට පටන් ගත්තා.

කෙසේ වෙතත් ජීප් රථයේ රියදුරු වහාම ක්‍රියාත්ම වී ඉතාමත් වේගයෙන් රථය ඉදිරියට පදවා ඇතාගේ ග්‍රහණයෙන් සංචාරකයන්ගේ මෙන්ම තමාගේ ද දිවි බේරාගෙන තිබෙනවා.

නමුත් ඇතා එම ජීප් රථය පසු පස අධික වේගයෙන් පන්නා එන ආකාරය ද විදෙස් ඡායාරූප ශිල්පියෙකු වන Sergey Savvi ගේ කැමරා ඇසට හසුවුණා.

අදාළ ඡායාරූප සහ මෙම වාර්තාව Sergey Savvi විසින් ඔහුගේ බිලොග් සහ ෆේස්බුක් ඔස්සේ පල කර ඇති අතර එය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ සංචාරකයන් ශ්‍රී ලංකාවේ දී මෙවැනි ස්ථාන නැරඹීමට යාමේ දී අනවශ්‍ය ක්‍රියාවලින් වැළකී සිටින ලෙසයි.

මෙම ඡායාරූප ශිල්පියා ද පසුගියදා මෙහි සිය බිරිඳ සමග සංචාරය සඳහා මෙරටට පැමිණි අතර එහිදී මෙම සිද්ධිය ඡායාරූප ගත කර තිබෙනවා.






The post යාල වනයේදී කුපිත වූ අලියාගේ සිද්ධිය විදෙස් මාධ්‍යයෙත් අවධානයට.! (PHOTOS) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();