පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක, නියෝමාල් රංගජීව මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ වැලිකඩ බන්ධනාගාරයේ 2012 ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණවලට අදාළවයි.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
2012 වසරේ නොවැම්බර් මස 09 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක්වූ රැඳවියන් හඳුනා ගැනීම සදහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය විය.
එම වාර්තාවට අනූව නියෝමාල් රංගජිව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි.
පසුගිය වසරේ පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලබා සුවය ලබා සිටියේ ය.
පෙර පුවත : වැලිකඩ ඝාතන වලට ගෝඨා හුරතල් කරමින් රංගජීව අත්අඩංගුවට ගන්න යයි..?
වැලිකඩ බන්ධනාගාරයේදී 2011 වසරේදී සිදු කළ ලැයිස්තු ගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පාර්ශවයෙන් වාර්තා වේ.
අදාළ සිද්ධිය සිදු වූ නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවට ඉදිරපත් වී ඇති සාක්ෂි අනුව රංගජීව නම් පොලිස් නිලධාරියා බන්ධනාගාර සිදුවීමට ගොස් ඇත්තේ ක්ෂේත්‍ර සටහන් පොතේ වෙනත් රාජපකාරියක් සඳහා යන බවට සහනක් යොදාය.
ඔහුට එරෙහිය ඇසින් දුටු සාක්ෂි රැසක් ඉදිරිපත් වී ඇති බවත්, එම සාක්ෂි මත පදනම්ව මේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ, හමුදා සාමාජිකයන්ට උපදෙස් දීම සහ වෙඩිතැබීමට නියෝග දීම සම්බන්ධයේන චෝදනා එල්ල වී ඇති බ්රිගේඩියර්වරයකුද අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා තිබේ. එහෙත් පසුගිය සතිය වනතුරු අදාළ බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැතැයිද වැඩිදුරටත් අනාවරණය වේ.
The post අපේ රට හෙළි කල පරිදිම “වැලිකඩ ඝාතන වලට” ගෝඨා හුරතල් කරමින් රංගජීව අත්අඩංගුවට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments