යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ තීරයට ආරක්ෂිත සි.සී.ටීවී කැමරා සවිකිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කොට තිබේ.
ඒ එම මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින්.
කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව පැවසුවේ, දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම මුහුදු තීරය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නානකාමර පෙළක්ද කඩා බිද දමා ඇති බවයි.
මත්පැන් පානය කිරීම, මත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදුවන නිසා ඒවා අවම කරගැනීමේ අරමුණින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරණ බව කාරෙයිනගර් ප්‍රාදේශීය සභා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වෙරළ තීරයේ සංචාරකයින් පමිණෙන කලාපයේ ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙකු සේවය කරන නමුත් ඔවුන්ට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන දින වලදී වෙරළ තීරයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට නොහැකි නිසා මෙම තීරණය ගත් බව කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පවසයි.


0 Comments