කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේ පැවැති රාජකීය - සාන්ත තෝමස් විදුහල් අතර මස්ටෑන්ග් කුසලාන එක්දින ක්රිකට් තරගයේ ජයග්රහණය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට හිමි වෙයි.
සාන්ත තෝමස් විදුහල වාර්ෂික එක්දින ක්රිකට් තරගාවලියේ පිට පිට පස්වැනි වසරටත් මෙම ජයග්රහණය වාර්තා කිරීම විශේෂත්වයකි. රාජකීය විදුහල ලකුණු 131කින් පරාජයට පත්කළ මෙම තරගයේදී සාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන්වූ දුලිත් ගුණරත්න හා ෂලීන් ද මෙල් ඕවර් 16.2කදී පළමු කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ.
එහෙත් ලකුණු 141ක් වෙද්දී සාන්ත තෝමස් කඩුලු 7ක් බිදවැටී තිබූ අතර තෙවන් ඊරියගම හා කළණ පෙරේරා 8වැනි කඩුල්ලට පන්දු 68කදී ලකුණු 70ක් ලබා ලකුණු ඉහළ නැංවූහ. තෙවන් ඊරියගම ලකුණු 36ක් හා කළණ පෙරේරා ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහලේ ක්රිකට් නායක ඩෙලෝන් පීරිස් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර් 50කදී කඩුලු 9කට ලකුණු 216ක් ලබා ගත්තේය. අනතුරුව පිටියට පිවිසි රාජකීය විදුහල ඕවර් 33.4කදී ලකුණු 85කට දැවී ගිය අතර ක්රිෂාන් මුණසිංහ රාජකීය කඩුලු 5ක් බිද හෙලීමට සමත් විය.
සාන්ත තෝමස් විදුහල කඩුලු 9කට 216 (50)
දුලිත් ගුණරත්න 30, ෂලින් ද මෙල් 22, මනීෂ රූපසිංහ 21, ක්රිෂාන් මුණසිංහ 20, තෙවන් ඊරියගම 36, කළණ පෙරේරා 37 (යුවින් හේරත් 28/2)
රාජකීය විදුහල සියලු දෙනා දැවී 85 (33.4) කවිදු මදාරසිංහ 23, නවිදු පතිරණ 19, යුවින් හේරත් 11 (ක්රිෂාන් මුණසිංහ 32/5)
0 Comments