Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය නිසැකවම පරාජය කරනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අප්‍රේල් 04දා නිසැකවම ඡන්දය ප්‍රකාශ කරන බව ග්‍ර‍‍ාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කරන බවද ඇමැතිවරයා කීය.

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සහාය දැක්වීමට කණ්ඩායම් කිහිපයක් ‍සහයෝගය දක්වන බව පැවසූ ඇමැතිවරයා රවුෆ් හකීම් ඇමැතිවරයා ප්‍රධාන මුස්ලිම් ‍ෙකාංග්‍රසය පසුගියදා සඳහන් කර තිබුනේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු ගැන පමණක් බවත් ඒවා කතා කර විසඳා ගැනීමට හැකි බවද කීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහනකට අනුව රුපියල් මිලියන 70 කට අධික කෘෂි උපකරණ, කාර්මික උපකරණ, ස්වයං රැකියා උපකරණ අඩු ආදායම් ලාභීන් වෙත බෙදා දීම වෙනුවෙන් ගල්නෑවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();