Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨා ඉල්ලූ අතුරු තහනම දීර්ඝ කරනවාද-නැද්ද තීන්දුව 5 දා

Author(s): 
නෙල්කා මැදගෙදර

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරක ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂකලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළකමින් නිකුත් කැර ඇති අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ සිය තීන්දුව අප්‍රේල් මස 05 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27) තීරණය කෙළේය.

අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කෙළේය.

පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();