Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිත්ව රගර් පිලට කඳුරට අනුග්‍රහය

ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාවට අනුග්‍රාහක්තවය ලබාදීමට මේ වසරේ සිට කඳුරට කුඩ සමූහ ව්‍යාපාරය ඉදිරිපත්වී සිටී.

රග්බි ක්‍රීඩාවේ වසර 112ක අසමසම ඉතිහාසයකට හිමිකම් කියන මහනුවර ත්‍රිත්ව විදුහල මෙරට පාසල්වලට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන්නේය. පසුගිය වසර ගණනාව මුළුල්ලේහිම ඉහළ මට්ටමේ රග්බි කණ්ඩායම් බිහි කළ ත්‍රිත්ව විදුහල ජාතික ක්‍රීඩකයන්, නායකයන්, තරග තීරකවරුන් සහ රග්බි පරිපාලකයන් රැසක් බිහි කිරිමට දායකත්වය ලබා දුන්නේය. ත්‍රිත්ව විදුහල සහ රාජකීය විදුහල අතර පැවැත්වෙන සම්ප්‍රදායික බ්‍රැඩ්බි පළිහ ගැටුම ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ විශිෂ්ටතම තරගය ලෙස සැළකෙයි. වසර 73ක් පැරැණි මේ තරගයෙන් ත්‍රිත්ව විදුහල වාර 39කදී සහ රාජකීය විදුහල වාර 32කදී බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට සමත්වී ඇත. තවත් තරග 2ක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වීය.

අවිශ්ක ශේක්ගේ නායකත්වයෙන් යුතු ත්‍රිත්ව විදුහල් 2018 පළමුපෙළ රග්බි කණ්ඩායමේ උපනායකයා ලෙස නවීන් රාජරත්නම් කටයුතු කරයි. ජාත්‍යන්තර රග්බි සංගමයේ සත් සාමාජික ලෝක ශූරතා පදක්කම් දිනූ, රග්බි ලෝක කුසලානයක් ජයගත් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වාර 2කදී රන් පදක්කම් දිනූ හිටපු විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ ලොටේ රයිකබුලා ලොටේ දෙවැනි වසරටත් ත්‍රිත්ව විදුහල් රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ත්‍රිත්ව විදුහල් පිල මෙවර පාසල් රග්බි තරග වාරය සාන්ත අන්තෝනි විදුහල් පිල සමග පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරිණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();