Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර කලහයෙන් හානිවූ දේපළ හමුදාව පිළිසකර කරයි

=ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපළ යථා තත්වයට පත්කිරීම සහ අලුත්වැඩියා කිරී‍මේ කටයුතු මෙන්ම නුවර - මහියංගණය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන ‍භට පිරිස් විසින් ඉතා දුෂ්කර අභියෝගයන් මධ්‍යයේ පසුගියදා (16) සිදු කරන ලදී.

මූලික තක්සේරු කිරීම්වලින් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් දිගන නගරයේ සිට කෙන්ගල්ල ප්‍රදේශය අතර මාර්ගයේ කිලෝමීටර් 05 ක ප්‍රමාණය අලුත්වැඩියා කිරීම සඳහා මූලික අවධානය යොමුකරන ලද අතර 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා නිලධාරි සහ සෙසුනිල 250 කට අධික පිරිසක් යොදවා එම මාර්ගය දෙපස හානි වූ දේපළවල සුන්බුන් ඉවත්කොට පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන ලදි. මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ ආගමික හා ප්‍රජා නායකයින් අතර පැවැති හමුවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ලබාදුන් උපදෙස් මත කලහකාරි සිදුවිම් ඇතිවූ ප්‍රදේශයන්හි හානියට පත් දේපළ අලුත්වැඩියා කිරීම් කටයුතු සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදා භට පිරිස් හි සහාය ලබාදෙනු ලබයි.

ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් මෙම සුන්බුන් ඉවත්කිරීම මෙන්ම දේපළ අලුත්වැඩියා කිරීමේ ශ්‍රමදාන කටයුත්ත ආරම්භ කරනු ලැබුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();