Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංස්ථාවේ ඉන්ධන මිලේ වෙනසක් නෑ

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි. අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් (9.00)කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් (5.00) වැඩි කර ඇති නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එවැනි තීරණයක් ගෙන නැති බවත් කිසිම අයුරකින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවත් ඔහු අවධාරණය කරයි.

ඒ පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ ද සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභය පමණක් සලකා තීරණ ගන්නා ආයතනයක් නොවේ. ඉන්ධන මිල ඉහළ දැමීම වැනි මහජනතාවට සංවේදී තීරණයක් ගැනීමේදී ඊට පෙර ඒ පිළිබඳව විවිධ කරුණු ගැන ගැඹුරින් අධ්‍යයනය කර, රජය සමඟ දීර්ඝව සාකච්ඡා කර තීරණවලට එළඹීම සංස්ථාවේ පටිපාටිය වේ. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා මේ වන විට කිසිදු සාකච්ඡාවක් නොවූ බව යළිත් අවධාරණය කරන්නෙමු.

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();