Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර කලහයෙන් මියගිය දෙදෙනකු වෙනුවෙන් ලක්ෂය බැගින් වන්දි

මහනුවර ඇතිවූ නොසන්සකාරී වාතාවරණයත් සමඟ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් විසින් එල්ල කළ පහර දීම් වලින් මියගිය තරුණයින් දෙදෙනකුගේ පවුල් වලට රුපියල් ලක්ෂය බැගින් මුදල් පරිත්‍යාග කිරීම ඊයේ (25) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානයක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම තරුණයින් දෙදෙනාගේ පවුල් සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දීමට තීරණය කර තිබෙන අතර එහි මුල් අදියර යටතේ පවුල් දෙකේ සාමාජිකයින් ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කිරීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර තිබිණි.

මෙම ගැටුම් වලින් කළුවාන අඹතැන්න පදිංචි ආර්.එම් ගුණරත්න බණ්ඩා (29) නැමැති අය සහ වේඬරුව අම්බාල පදිංචි එච්.ජී කුමාරසිංහ (41) නැමැති අය මරණයට පත්වූහ.

මොවුන් දෙදෙනාටම පාසැල් යන වයසේ දරුවන් සිටින අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද අවශ්‍යය උපකාර සිදු කිරීමට අවශ්‍යය කටයුතු සලසන බව ආණ්ඩුකාරවරිය ඔවුන්ට දැනුම් දුන්නාය.

ලබා දීමට නියමිත ඉතිරි ලක්ෂය බැගින් වූ මුදල මාස දෙකක් ඇතුළත ලබා දෙන බවද ඇය කීවාය.

බෞද්ධයින් ලෙස වෙස්වලා ගත් පිරිසක් මෙම ගැටුම් වලට මුල්වී තිබෙන බවත් සැබෑ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකු කිසිදු අවස්ථාවක තවත් ජාතිකයකට,ආගමකට වෛරය,ක්‍රෝධය හා ඊර්ෂ්‍යාව පෙර දැරිව ගරහන්නේ හෝ පහර දෙන්නේ නැති බවත් නිලූකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කළාය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරන බවත් ගැටුම් වලින් මියගිය පවුල් වල සාමාජිකයින් අද අසරණයවී සිටින බවත් කී ආණ්ඩුකාරවරිය රජය කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි අදාළ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළාය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලක් රාජපක්ෂ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්වරුද සහභාගී වූහ.

අසේල කුරුළුවංශ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();