Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔරිගමි කලාවෙන් හාවර්ඩ් විද්‍යාඥයෝ බඩගා යන රෝබෝවක් නිමවති

 ඔරිගමි නිර්මාණ කලාවේ එක් ප්‍රබේදයක් වන කිරිගමි නමින් හඳුන්වනු ලබන කඩදාසි කැපීමේ කලාවෙන් හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කර ඇත.

සර්පයකුගේ චලනය සමාන හැසිරීමක් දක්වන මෙම රොබෝව සර්පයන්ට ඉදිරියට බඩගා යෑමට උපයෝගී වන ප්‍රතිචලිත සමේ චලනයට අනුරූපි වන අයුරින් කැපුම් සහිත ප්ලාස්ටික් මතුපිටක් , ඇදෙන සුලු නළයක් වටා එතීම ඔස්සේ නිර්මාණය කර ඇත.

මෙම රොබෝව අනාගතයේ දී මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට හැකිවනු ඇතැයි එම විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති‍. එසේම ලැපරොස්කොපි වැනි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා ද මෙම රොබෝ සර්පයා භාවිතා කළ හැකි බව ඔවුහු පවසති. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();