Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබාමා ඩොලර් හයේ කෑම වේල ගත් මේසය ප්‍රදර්ශනයට

 වියට්නාමයේ දී දෙදෙනකු සඳහා ඩොලර් 6ක් වියදම් කළ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ කෑම මේසය ප්‍රදර්ශනය කිරීමට හනොයි වීදියේ අවන්හලක් කටයුතු කර තිබේ. ජනාධිපතිව සිටියදී වියට්නාමයේ නිල සංචාරයක යෙදුණ ඔබාමා ඇන්ටනී බොර්ඩේන් නම් සුපවේදියා සමග මෙම අවන්හලේ ප්ලාස්ටික් පුටු වල අසුන් ගනිමින් ඉතා සුළු ආහාර වේලක් ලබා ගෙන තිබේ. ඒ සඳහා වියදම් වී ඇත්තේ ඩොලර් 6ක් පමණි.

ඔබාමා අසුන් ගත් අයුරු සහ ඔහු ලත් ආහාර මොනවාදැයි පෙන්වීමට එම අවන්හල හිමිකරුවන්ට අවශ්‍ය වී ඇති බැවින් මෙසේ එම මේසය ප්‍රදර්ශනය කරන බව පැවසේ. එය අසල සිට ඡායාරූපගැනීමට පා‍රිභෝගිකයන් කැමැත්ත දක්වන බව හිමි කරු පවසයි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();