Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොඳුඇට පෙළ ඇද වූ පාසල් දැරියට පිහිට වෙමු..!

ප්‍රෙස්‌බිටීරියන් බාලිකා ජාතික පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි තිළිණි මුතුමාලි උපතින්ම හිමිවූ Scoliosis නමැති කොඳු නාරටිය ඇදවීමේ රෝගයකින් පීඩා විඳිනය.

වෛද්‍යවරුන් නිර්දේශ කර සිටින්නේ, තිළිණි හැකි ඉක්‌මනින් කොඳු නාරටියේ හැඩය වෙනස්‌ කරන සැත්කමකට භාජන කළ යුතු බවයි.

එවැනි සැත්කම් ලංකාවේ සිදු නොකරන නිසා ඒ සඳහා ඇය ඉන්දියාවේ ඇපලෝ රෝහලට ගෙන ගොස්‌ රුපියල් මිලියන 3.5 ක්‌ (ලක්‍ෂ 35) වැය වන සැත්කමක්‌ සිදු කළ යුතු යෑයි වෛද්‍යවරුන් පවසා තිබේ.

ඉතා ඉක්‌මනින් සැත්කම සිදු නොකළහොත් මෙම රෝගය තිළිණිගේ හදවතට සහ පෙනහලුවලට පවා බලපෑම් කළ හැකි අන්දමේ අවදානම් තත්ත්වයක පවතින බව වෛද්‍යවරු කියති.

මේ වන විට සැත්කම සඳහා විශාල මුදලක්‌ එකතු වී ඇති අතර ලක්‌ෂ 11 ක පමණ මුදලක්‌ අඩුව ඇති බව එම දැරියගේ මවුපියන් පවසති….

එහෙයින් තිළිණි සුව කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇගේ දෙමාපියෝ අපේක්‍ෂා කරති.

මේ පිළිබඳ වැඩි විස්‌තර 0710922253 අංකයෙන් තිළිණිගේ පියා වන ජගත්චන්ද්‍ර මහතා ඇමතීමෙන් හෝ නො 546/2, රත්න මාවත, ඇරැව්වල, පන්නිපිටිය ලිපිනය හරහා ලබාගත හැකියි. ආධාර මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුව බොරලැස්‌ගමුව ශාඛාවේ ගිණුම් අංක 101240188794 වෙත බැර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඇයගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.

The post කොඳුඇට පෙළ ඇද වූ පාසල් දැරියට පිහිට වෙමු..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();