Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙකොණම රත්වන කෝණ මාසේ

Image result for trouble

පසුගිය කාලයේදී රටේ තත්ත්වය පිළිබඳ නොයෙක් අයුරින් කතාබහ කිරීම සුලබ සිද්ධියකි. "අද" පුවත්පත තුළින්ද ජ්‍යෝතිර්වේදයට අනුව රටේ පවතින තත්ත්වය පිළිබඳ අපි නොයෙක් පුරෝකථන සිදු‍කළෙමු. එහිදී මෙම මාසයේ පැහැදිලි වෙනසක් අපේක්‍ෂා කළ හැකි බව පුරෝකථනය කෙරිණි. ඒ අනුව අද (14දා) දිනයෙන් ආරම්භ වන කෝණ මාසය පිළිබඳ එකී කාලය තුළ රට සුබදායී තත්ත්වයකට පරිවර්තසිදුවන්නේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ටොලමියානු ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා "අද"ට සම්බන්ධ කර ගතිමු. ඒ පිළිබඳ ඔහු දැක්වූවේ මෙවන් අදහසකි. 

"කලකදී වහලු කලකදී රහ වෙනවාලු" යන ගැමි ප්‍රස්ථාව පිරුළ අනුව කාලයෙන් කාලයට සුබ හෝ අසුබ යන දෙපැත්ත අතර මාරු වෙනවා. සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය අනුව කෝණ මාස යනු සුබ කටයුතු සඳහා හිතකර නොවන කාලයක් ලෙස සැලකෙන්නෙ. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු සහ මීන යන උභය රාශිවල ගමන් කරන නය වන්නේද, එය කෙසේ කාලය කෝණ මාසය ලෙස සැලකෙනවා. අද (14දා) රාත්‍රී 11.40 සිට රවි ග්‍රහයා මීන රාශියට පිවිසෙනවා. තව ලෙසකට කිව්වොත් අද සිට අප්‍රේල් 14 දක්වා වූ කාලය කෝණ මාසය ලෙස සැලකෙනවා. සාම්ප්‍රදායික ජ්‍යෝතිෂයේදී විශ්වාස කරන පරිදි මඟුල් කටයුතු, නිවාස ඉදිකිරීම්, නව නිවාසවලට පදිංචියට යෑම්, සුභ කටයුතු ආරම්භ කිරීම් ආදී සියල්ලම නොකළ යුතු යැයි සඳහන් වෙනවා. 

එහෙත් කෝණ මාසයක හටගන්නා වූ අසුබ තත්ත්වය මාසයක් පුරා පවතින්නේ නැහැ. යටත් පිරිසෙන් එහි අයහපත් තත්ත්වය බලපවත්වන්නේ සෘණ 2 2/1 වැනි සීමිත කාලයක් පමණයි. එකී සීමිත කාලය තුළ පවා අවශ්‍ය නම් සිද්ධාන්ත භාවිතයට ගනිමින් සුබ මූර්ත සකස් කර ගන්න පුළුවන්. තත්ත්වය එසේ නම් අපගේ එදිනෙදා දෛනික කටයුතුවලදී ජ්‍යෝතිෂය අනුව මෙසේ එක් වසරකට මාස 04ක කාලයක් අතහැර දැමීම අනුවණකමක් බැව් වැටහෙන්න ඕන. මේ සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය වෙන්නෙ නියමිත ගණිත සාධනයක හා උචිත සිද්ධාන්තය යොදා ගත්තේ නම් කිසිදු අහිතකර තත්ත්වයකින් තොරව සුබමූර්ත සකස් කරගත හැකි බව මෙන්ම කිසියම් අයෙකු එකී දැනුමෙන් තොරව කෝණ මාසය තුළ සුභමූර්ත සකස් කරන්න ගියොත් එයින් යම් අවැඩක්ද සිදු වෙන්න පුළුවන්.

මීට පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදිම 2018 මාර්තු මාසය ජ්‍යෝතිෂය අනුව ලෝකයටත්, රටටත් ඉතා තීරණාත්මක සංසිද්ථානයක්. මාර්තු 04 වැනිදා, මාර්තු 20 වැනිදා, මාර්තු 29 වැනිදා යන මේ අවස්ථා තුනේදීම ග්‍රහ යුද්ධ හටගන්නා අතර, ඉන් දෙවතාවකදී සිකුරු ග්‍රහයා පරාජයට පත්ව බුධ ග්‍රහයා ජය ගන්නවා. තෙවැනි අවස්ථාවේදී සිකුරු හා යුරේනස් අතර හටගන්නා යුද්ධයෙන් යුරේනස් ජය ගන්නවා. ඒ අනුව පිටපිටම තුන්වරක් සිකුරු ග්‍රහයා පරාජයට හා පීඩාවට පත්වන බැව් අපට පෙනෙනවා. ඊට අමතරව සෙනසුරු ග්‍රහයා මාර්තු මස 03 වැනිදා සිට සිකුරුගේ නැකැතට ගමන ඇරඹීම අවසානයි. දෙවැනුව සිකුරුට අයත් තුලා රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා මාර්තු 10 වැනිදා සිට වක්‍රව ගමන් කරන්නට පටන් ගත්තා. තෙවැනිව මාර්තු මස 03 වැනිදා සිට සිකුරු ග්‍රහයාද ජල රාශියක් වූ මීනයේම ගමන් කරමින් සිටිනවා. සාම්ප්‍රදායිකව ජ්‍යෝතිෂය අනුව ගත් කළ සිකුරු ග්‍රහයා මීන රාශියේදී උච්ච වෙනවා. 

එහෙත් ටොලමියානු පිරික්සුම අනුව ගත් කළ මෙකී මාර්තු මාසයේදී සිකුරු ග්‍රහයා තදබල පීඩාවන්ට ලක්වූ බව පෙනී යන දෙයක්. ග්‍රහයාගේ උච්චභාවය මගින් පෙර සිදු වූ හානිය පිය විය නොහැකියි. ශ්‍රී ලංකාවේ කේන්දරය ගත්කළ සිකුරු ග්‍රහයා යනු 04 වැන්නත්, නම වැන්නත් නිවේදනය කරන කාරකයා වෙනවා. හතර වැන්නෙන් විපක්‍ෂයත්, නම වැන්නෙන් ආගමික අංශ සහ පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේද අන්තර්ජාතික සම්බන්ධතාද පමණක් නොව පවතින පාලනයේ ස්ථාවරභාවය දෙදරීමට ලක්වීමද පෙන්නුම් කරනවා. ඒ අනුව අපට ඉතා හොඳින් පෙනෙන්නේ මේ මොහොත වන විට ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයද එක හා සමානව දුර්වලභාවයට හා පීඩනයට පත්ව සිටිනවා. නම වැන්නෙන් නිවේදනය කරන ආගමික අංශ සහා පූජ්‍ය ප්‍රසාදීන් මෙන්ම අන්තර්ජාතික සම්බන්ධතා යන ක්‍ෂේත්‍ර තුනෙන්ම මේ කාලයේදී රටට ඇතිකර දී තිබෙන්නේ සුබදායක තත්ත්වයක් නොවේ. 

පසුගිය කාලයේදී සිදු වූ ඇතැම් සිදුවීම් මෙන්ම ඉදිරියට හටගන්නා වූසිදුවීම්වලින්ද ඉහත විස්තර කරන ලද ග්‍රහචාරයේ ගැළපීම ඔබටම සකස් කරගත හැකියි. මේ සමගම කුජ ග්‍රහයාගේ චලනය පිළිබඳවද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. ධනු රාශියේ හටගත් කුජ හා ශනිගේ සංයෝගය සමස්ත ලෝකයටත්, රටටත් බිහිසුණු ඛේදවාචක සහ සමාජමය ආන්දෝලන හටගැනීමට හේතුවක් වන බව අපි පසුගිය සතියේදී පෙන්වා දුනිමු. ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් මේ වන විට දක්නට ලැබෙන සෝචනීය සිදුවීම්වලින් ඒ බව තහවුරු වෙනවා. මෙකී අහිතකර කුජ - ශනි සංයෝගය මැයි මාසයේදෙවැනිදා දක්වා පවතින බවද සැලකිල්ලට ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සෙනසුරු හා කුජ අතර පරතරය අඩු වෙමින් යන කාලය වූ මාර්තු 22 වැනිදා සිට ඉදිරියට යන කාලය ලෝකයටත්, රටටත් බිහිසුණු ඛේදවාචක නිර්මාණය කරනු ලබන අවස්ථාවක පසුවෙනවා. 

එකී අවදානම්සහගත භාවය ස්වාභාවික විපත්, යුද්ධ, කැරලි කෝලාහල මෙන්ම මහා පරිමාණ අනතුරු ආදියෙන් ප්‍රකාශයට පත් විය හැකියි. මේ වසරේ මුලදී හටගත් පූර්ණ චන්ද්‍රග්‍රහණය සහ අර්ධ සූර්යග්‍රහණයත් යන දෙකෙහි අහිතකර පීඩාකාරී කාලය මේ වසරේ ජූලි මාසය දක්වාම බලපවත්වන බව අපි එකී දිනවලම පෙන්වා දුන් බව ඔබට මතක ඇති. ඒ අනුව ගත්කළ ගිනි, ජල, වායු යන අංශ තුනෙහිම පීඩාකාරී ව්‍යසනයක් නිර්මාණය වීම කෙරෙහි විෂකුරු උත්තේජනයක් මේ මොහොතේ සහ ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වන බව පෙනී යන දෙයක්. රිය අනතුරු ගුවන් හා නාවික අනතුරු පමණක් නොව මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා සංවිධානාත්මකව හටගන්නා වූ ඛේදවාචකයන්ටද අවස්ථාවන් උදා වෙනවා. එහෙයින් මැයි මස දෙවැනිදා දක්වාම කොයි කවුරුත් ඉතා සංවරශීලීව හා ප්‍රඥා ගෝචරව කටයුතු කිරීම අවශ්‍ය වෙන දෙයක්.

මීට පෙර පෙන්වන ලද පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරන කුජ ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 11 වැන්නේ ගමන් කරමින් සෙනසුරු සමග සංයෝගව දරදඬු ප්‍රඥා විරහිත විනාශකාරී බලයක් විහිදුවන තැනට පත්කරන බවත් ඉතා හොඳින් පෙනී යනවා. ඊට සමාන්තරව විපක්‍ෂය නියෝජනය කරන පීඩාකාරී කාලය මේ වසරේ ජූලි මාසය දක්වාම බලපවත්වන බව අපි එකී දිනවලම පෙන්වා දුන් බව ඔබට මතක ඇති. ඒ අනුව ගත්කළ ගිනි, ජල, වායු යන අංශ තුනෙහිම පීඩාකාරී ව්‍යසනයක් නිර්මාණය වීම කෙරෙහි විෂකුරු උත්තේජනයක් මේ මොහොතේ සහ ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වන බව පෙනී යන දෙයක්. රිය අනතුරු ගුවන් හා නාවික අනතුරු පමණක් නොව මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා සංවිධානාත්මකව හටගන්නා වූ ඛේදවාචකයන්ටද අවස්ථාවන් උදා වෙනවා. එහෙයින් මැයි මස දෙවැනිදා දක්වාම කොයි කවුරුත් ඉතා සංවරශීලීව හා ප්‍රඥා ගෝචරව කටයුතු කිරීම අවශ්‍ය වෙන දෙයක්.

මීට පෙර පෙන්වන ලද පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරන කුජ ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 11 වැන්නේ ගමන් කරමින් සෙනසුරු සමග සංයෝගව දරදඬු ප්‍රඥා විරහිත විනාශකාරී බලයක් විහිදුවන තැනට පත්කරන බවත් ඉතා හොඳින් පෙනී යනවා. ඊට සමාන්තරව විපක්‍ෂය නියෝජනය කරන සිකුරු ග්‍රහයාගේ පීඩා වීම නිසා ආණ්ඩුවට මේ කෙටි කාලයේදී දැනෙන සුළු පීඩනයක් එල්ල කිරීමට ඔවුන්ට නොහැකි වන බවත් පෙන්නුම් කරනවා. 

මෙකී තත්ත්වය 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසය දක්වාම පවත්වාගෙන යෑම සඳහා සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර ගමනද පිටුවහලක් වෙනවා. මතු පිටින් පෙන්වන ජ්‍යෝතිෂයම චිත්‍රය එසේ වුවත් ඒ එසේ නොවන බව ටොලමියානු සූක්‍ෂම ශක්ති කලාප පිරික්සීමේදී හෙළි වෙනවා. අප මෙය කර නොයෙක්වර පෙන්වා දුන් පරිදිම රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රඥා විරහිත දරදඬු ස්වාභාවය හේතුකර ගෙන එහි ප්‍රතිවිපාක අභ්‍යන්තර වශයෙන්ම පුපුරා යෑම වැළක්වන්න බැහැ. 

විශේෂයෙන්ම කුජ ග්‍රහයා ලංකා කේන්දරයේ 12 වැන්න වූ මකර රාශියට පිවිසෙන මැයි මස 02 වැනිදා සිට රට කරවන අය විසින් ගනු ලැබූ අනිතු ක්‍රියාකාරකම්වල විපාකයන්ට ඔවුන්ටම මුහුණ දීමට සිදු වෙනවා. මැයි මස 02 වැනිදා සිට ජුනි මස 27 වැනිදා දක්වා කුජ ග්‍රහයා මකර රාශියේම ඍජුව ගමන් කරන අතර, ජුනි 28 වැනිදා සිට අගෝස්තු මස 28 වැනිදා දක්වාම එකී මකර රාශියේම වක්‍ර ගමනෙහි යෙදෙනවා. එසේ ගමන් කරන කුජ නොවැම්බර් මස 29 වැනිදා දක්වාම මකර රාශියේම ගමන් කරනවා. 

මේ ඉතා සුවිශේෂ තත්ත්වයක්. ලංකා කේන්ද්‍රයේ 03 වැන්නත් 10 වැන්නත් නියෝජනය කරන ග්‍රහයා දීර්ඝ කාලයක් ලංකා කේන්ද්‍රයේ 12 වැන්නෙහි ගමන් කිරීම නිසා හටගන්නා අහිතකර විපාකවල තත්ත්වය ජ්‍යෝතිෂය පිළිබඳ මූලික දැනුමක් ඇති අයෙකුට වුවද, පහසුවෙන් වටහාගත හැකි දෙයක්. එමෙන්ම රටේ ආණ්ඩුව හා පාලකයන් නිවේදනය කරන දසවැන්න අධිපති කුජ රටේ ලග්නයෙන් 12 වැන්නේ ගමන් කිරීම යනු පවතින පාලකයන් රටේ අගතිය කෙරෙහි තල්ලු කර දමන ග්‍රහබලයක්. එසේම ලංකා කේන්ද්‍රයේ 12 වැන්න යනු 10 වැන්නේ 03 වැන්න වේ.

එයින් නැවත සනිටුහන් කරනු ලබන්නේ වියරු මාරක තත්ත්වයක් මිස නිවීමක් සැනසීමක් අපේක්‍ෂා කළ හැකි තත්ත්වයක් නොවේ. අප මීට පෙර පෙන්වා දුන් පරිදිම ශ්‍රී ලංකාවට උදා වීමට නියමිත සුබදායී පරිවර්තනය මේ මාර්තු මාසයේදීම හටගන්නවා. පවතින තත්කාලීන ග්‍රහාචාරය අනුව එය සිදු වෙන්නේ සාමකාමී ධාර්මික මාර්ගයකින් නොවන බවත් ඒ සමගම පෙන්නුම් කරනවා. කෙසේ නමුත් රටේ ලග්නය අනුව කියැවෙන එකී සුබ පරිවර්තනය නියත වශයෙන්ම මාර්තු මාසයේදී ආරම්භ කරන බව පෙන්වා දිය යුතු දෙයක්.


Ada newspaper/ 14/03/29018

ෂෙහානි දිල්රුක්ෂිකා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();