බොරැල්ල වනතමුල්ල සහස්‍රපුර නිවාස සංකීර්ණයේ පස්වෙනි මහලේ වසා තිබු නිවසක ගිනි ගැනීමක් ඊයේ (15) සවස සිදුවිය.
එම නිවාස සංකීර්ණයේ 1ඒ එෆ්5 අංකය දරණ නිවසේ ගින්න ඊයේ සවස හටගෙන තිබේ. අසල්වැසියන් ගින්න නිවීම සඳහා මහල් නිවාස සංකීර්ණයේ ගිනිනිවීමේ උපකරණ ක්‍රියාත්ම කළත් ඒවා අක්‍රීය තත්ත්වයනේ පැවැති තිබේ. මෙම ගින්නේ කිසිදු ජීවිත හානියක් නොමැති අතර දේපොළ හානි සිදුවි තිබෙන අතර ගින්න පැතිරෙන්න නොදි ගිනි මැඩ පැවැත්වීමට කොළඹ ගිනි නිවන ඒකකය යුහුසුළුව කටයුතු කළ බව එම නිවාස සංකීර්ණයේ නිවැසියන් ‘දිනමිණ‘ට පැවසීය. මේ නිවාස සංකීරණයේ මෙවැනි පොදුපහසුකම් සඳහා යොදාගන්න උපකරණ වසර හතරකින්වත් ප්‍රතිසංස්කරණය කර නොමැතිබව කොළඹ නාගරික මන්ත්‍රී සුනිල් කුමාර මහතා පැවැසීය.
අනුර ප්‍රේමලාල් සහ සඳුන් රමේෂ්
0 Comments