2018 වසරට නිකුත් කළ ලොව මිනිසුන් සතුටින්ම වෙසෙන රටවල්වල දර්ශකයේ ශ්රී ලංකාවේ 116 වැනි ස්ථානයේ පසුවෙයි.
ගිය වර 120 වැනි ස්ථානයේ පසුවූ අප මේ වන විට ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇත.
අපගේ සැළකිය යුතු වර්ධනයක් 2015 වර්ෂයෙන් 2016 වර්ෂයට පැමිණෙන විට සිදුව ඇත.
ඒ 132වැනි ස්ථානයේ සිට 117 වැනි ස්ථානයට ස්ථාන 15ක් ඉදිරියට පැමිණීමෙනි.
එහි පළමු ස්ථානය ෆින්ලන්තය ලබාගෙන ඇත. දෙවැනි ස්ථානය නෝර්වේ දේශයයි.
අපට එක් ස්ථානයක් ඉදිරියෙන් සිටින බංග්ලාදේශය 115 වැනි ස්ථානයේ පසුවෙයි.
අසල්වැසි ඉන්දියාව 133වැනි ස්ථානයට පත්ව ඇත පසුගිය වර 80 වැනි ස්ථානයේ පසුවූ පකිස්ථානය 75වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
0 Comments