Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23කට රටින් පිටවන්නැයි බ්‍රිතාන්‍යය කියයි

හෙළිදරවු නොකළ රහස් ඔත්තු නිලධාරීන් ලෙස සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනකුට සතියක් ඇතුළත රටින් පිට වන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ දැනුම් දෙයි. ඒ හිටපු රුසියානු රහස් ඔත්තුකරුවකුට වස දීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිත කළේ කෙසේ දැයි පැහැදිලි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනකු රටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා තීරණය කිරීමත් සමඟය.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන මෙන් රුසියාවේ විදේශ ඇමැතිවරයාට කර තිබුණ ආරාධනය ද අවලංගු කළ අගමැතිවරිය, මේ වසර අගදී රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ජගත් කුසලානයට බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයකු සහභාගි නොවන බව ද සඳහන් කළාය. මේ වන විටත් එක්සත් රාජධානියේ තීරණයට අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සහාය පළ කර තිබේ.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන රුසියාව සර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට වස දුන් බවට වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. රාජතාන්ත්‍රිකයන් 23 දෙනා පිටුවහල් කිරීම පිළිගත නොහැකි, අසාධාරණ සහ අදූරදර්ශී ක්‍රියාවක් බව එරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූල්යා පසුගිය දා සැලිස්බරි නගරයේ මැල්ටින්ග්ස් සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටිය දී හමු වූ අතර, ඔවුන් දෙදෙනා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බව විශ්වාස කෙරේ. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මේ විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();