ශ්‍රී ලංකා රේගුව පසුගිය සතියේදී විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන කිහිපයක් නිවේදනය කර තිබේ.
ඒ අනුව විදේශ රටවල සිට සේවය කර ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දෙන තීරු බදු සහිත භාණ්ඩ සංඛ්‍යාවේ විශාල වෙනස්කමක් සිදු කර තිබේ.
නව තීරු බදු සහන පුළුල් කිරීමේ තීරණය යටතේ නිවෙසකට අවශ්‍ය නාන කාමර කට්ටලයක්, අල්මාරියක්, කණ්නාඩි මේසයක් හා ඇඳක් සහිත නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල සහ සූර්ය කෝෂ, CC 350 ට වඩා අඩු යතුරු පැදියක් තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි බව වාර්තා වේ.
මීට අමතරව මීට පෙර තීරු බදු ගෙවිය යුතුව පැවති ඇතැම් භාණ්ඩ සඳහා මෙම නව තීරණය යටතේ තීරු බදු සහන ලබා දීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.
ඒ යටතේ ඩෙස්ක්ටොප් පරිගණක 1ක්, ලැප්ටොප් පරිගණක 1ක්, ජංගම දුරකථන 2ක් වැනි ජනතාවට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය භාණ්ඩ කිහිපයකට මෙම තීරු බදු සහනය ලබා දී ඇතැයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් සීමා කරන ලද භාණ්ඩ කිහිපයක් තිබෙන බවද ඒවා රැගෙන ඒමේදී සම්පූර්ණ බදු ගෙවීමට සිදුවන බවද ඔහු පැවසීය.
ඒවා පහත පරිදි වේ.
වායු සමීකරණ යන්ත්‍ර /අධි ශීතකරණ / ඩිෂ් වොෂර් යන්ත්‍ර /උදුන් හතරක් සහිත විදුලි අවන් /නව සහ පාවිච්චි කරන ලද ශීතකරණ (ලීටර් 500 ට වැඩි) / T.V. CRT (අඟල් 29 ට වැඩි) / T.V. LCD /LED/PLASMA (අඟල් 55 ට වැඩි)
from Gossip Lanka News & Video https://ift.tt/2G67sHK
via internet
0 Comments