හලාවත නගර සභාව පිහිටුවීම සඳහා සභාපතිවරයා සහ උපසභාපතිවරයා තේරීම අත්හිටුවීමට වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා අද (27) තීරණය කර තිබේ.
හලාවත නගර සභාවේදී වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්රධානත්වයෙන් පැවති ජන්ද විමසීම අවස්ථාවේදී ගණ පුර්ණය නොමැතිව සභාව කල් තැබීමට තීරණය කරමින් වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා මේ බව දැනුම් දී ඇත.
අද උදෑසන 08.30 ට සභාව ආරම්භ කර ඡන්ද විමසීම ආරම්භ කරන බව වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා නිවේදනය කළ අතර ඒ අවස්ථාවේදී සභාවේ සභිකයන් නව දෙනෙකු පමණක් සිටීම හේතුවෙන් ගණ පුර්ණය නොමැති වීමෙනි.
ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සභිකයන් දස දෙනෙකු සිටිය යුතු අතර හලාවත නගර සභාවේ මුළු සභිකයන් ගණන විස්සකි.
0 Comments