Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති මුලිකත්වයෙන් වැලි,ගල්,පස් ජාවාරම් මැඩලීමට කඩිනම් පියවර..!

රට තුළ නීති විරෝධි ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්ති සැමරුම් උළෙලට ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී එක්වෙමිනි.

මහපොළව, ගහ කොළ, ඇළ දොළ සහ සතා සීපාවාට ආදරය කරමින් ඒවා පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කර ගැනීමේ ප්‍රමුඛ වගකීම මේ රටේ පවතින රාජ්‍ය ආයතන ගණනාවක් අතරින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට හිමිවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම ආයතන දෙක නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

පසුගියදා සිදුවූ මුතුරාජවෙල පරිසර විනාශය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් පරිසරය රැක ගැනීම සඳහා රාජ්‍ය ආයතන නිරන්තර වගකීමෙන් කටයුතු කළයුතු අතර බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසුවිපරම් කිරීමේ වගකීම ප්‍රමුඛ කාර්යයක් ලෙස ඉටු කළ යුතු බවත්ය.

භූ විද්‍යා ක්ෂේත්‍රයේ කැණීම්, පරික්ෂණ සහ අධ්‍යයනයන් නව තාක්ෂණය ඔස්සේ වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ නව වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින සේවක සේවිකාවන්ට සහ මේ වන විට වැඩිම කාලයක් සේවයේ නියුතු සේවක සේවිකාවන්ට උපහාර පිදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ජනපති මුලිකත්වයෙන් වැලි,ගල්,පස් ජාවාරම් මැඩලීමට කඩිනම් පියවර..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();