Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දියවන්නාවට පෙරළුණු රිය පැදවූයේ ඉසිපතන පාරේ කාර් සේල් හිමිකරුගේ පුතා

තලවතුගොඩ ප්‍රදේශයේ දී දියවන්නා ඔයට පෙරළී තිබුණු සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ 05, ඉසිපතන මාවතේ පිහිටි මෝටර් රථ අලෙවි කරන සමාගමක හිමිකරුවෙකුගේ වාහනයක් බවට මූලික පරීක්ෂණවල දී අනරවණය කරගෙන ඇත.

මෙම මෝටර් රථයේ හිමිකරුගේ පුත්‍රයා විසින් අදාළ වාහනය අනතුර සිදුවන අවස්ථාවේ පදවාගෙන ගොස් තිබෙන අතර කෙසේ වුවද ඊයේ (18) පස්වරුව වනතෙක් මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොමැත.

මේ වාහනය දියවන්නා ඔයට පෙරළීමට පෙර තවත් මෝටර් රථ දෙකක ගැටී තිබෙන අතර දියවන්නා ඔයට වැටුණු මෝටර් රථයයේ හිමිකරු ඇමැතිවරයෙකුගේ ඥාතියෙකු බවට අනාවරණය වී ඇත.

එලෙස ගැටුණු එක් වාහනයක් විජය පුවත්පත් සමාගමේ සේවකයෙකුගේ බවට ද වාර්තා වෙයි. කෙසේ වුවද මෙම අනතුරින් මෝටර් රථයට හානි සිදුව ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කරයි. අදාළ සුපිරි මෝටර් රථය ලියාපදිංචි නොවන මෝටර් රථයක් බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();