සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් යළි ඇති නොවීම සහතික කිරීම හා ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකා රජය ගත වූ වසර තුළත්, මේ වසරේත් සුවිශාල සේවාවක් ඉටුකොට ඇතැයි විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා අවධාරණය කොට ඇත.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස එක්වෙමින් තිලක් මාරපන මහතා ඒ බව කියා සිටියේය.
වසර 2015 ජනවාරි සිට මේ දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සංහිඳියාව සහ යහපාලනය විෂයෙහි ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගනු ලැබූ ප්‍රගතිය විදහා පෙන්වන විස්තරාත්මක ලැයිස්තුවක් කවුන්සිලයේ සියලුම සාමාජිකයන් අතර බෙදාහැර තිබුණි.
එම ලැයිස්තුවේ ඇතුළත් විස්තරයන්ට අනුව වසර 2016 අගෝස්තු මාසයේ දී බලාත්මක කරනු ලැබ 2017 ජූලි මාසයේ දී සංශෝධනයට ලක් කෙරුණු ඇතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත ප්‍රකාර 2017 සැප්තැම්බර් මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලදී.
ඒ සමඟම ව්‍යස්ථාදායක සභාව විසින් කරන ලද නාමයෝජනා පදනම්ව 2018 පෙබරවාරි 28 දින ජනාධිපතිවරයා විසින් එම කාර්යාලයේ සභාපතිවරයා හා සාමාජිකයන් පත් කරන ලදි. මේ කාර්යාලයේ කටයුතු සඳහා 2018 ජාතික අයවැයෙන් රුපියල් බිලියන 1.4ක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 9ක් වෙන්කොට ඇත.
මේ ක්‍රියාමාර්ගයන්ට අමතරව ශ්‍රී ලංකාව විසින් පහත සඳහන් සාධනීය පියවරයන් ද ගෙන තිබේ.
ගැටුම් පැවැති සමයේ දී ආරක්ෂක හමුදා සතුව තිබූ පෞද්ගලික ඉඩම්වලින් 70% කටත් වඩා ඒවායේ මුල් සහ නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත යළි පවරා දීම සඳහා මුදාහැර තිබේ. ඉඩම් මුදාහැරීමේ, වන්දි ගෙවීමේ සහ ඊට අදාළ වෙනත් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම සහ නිරීක්ෂණය කිරීම පිණිස සියලු අදාළ දේශීය පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව හමුවී සාකච්ඡා කරන ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් 2018 ජනවාරි මාසයේ දී ස්ථාපනය කරන ලදී.
2017 පෙබරවාරි මාසයේ දී ක්‍රියාත්මක කරනු ලැබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන් මහජනතාව දැනටමත් ප්‍රතිලාභ ලබති. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම දැනට සාධනීය ලෙස ක්‍රියාත්මක වන අතර, එය අභියාචනා විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.
වධ හිංසා බිඳකුදු හෝ නොඉවසීමේ ප්‍රතිපත්තියට ඇති සිය තිර කැපවීම විදහා දක්වමින් 2017 දෙසැම්බරයේ දී ශ්‍රී ලංකාව වධ හිංසාවලට එරෙහි සම්මුතියේ වෛකල්පිත මූලලේඛයට එක් විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජාතික නිවාරණ යාන්ත්‍රණය වශයෙන් නම් කරන ලදී.
හානිපූර්ණ කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති පද්ධතිය නීති කෙටුම්පත් සම්පාදකවරයා ලවා සකස් කරවීමේ කාර්යයට අමාත්‍ය මණ්ඩලය 2018 මාර්තු 06 වැනි දින සිය අනුමැතිය ලබා දුන්නේය. එකී නීති පද්ධතිය කෙටුම්පත් කිරීමේ සහ එය දේශීය භාෂාවලට පරිවර්තනය කිරීමේ කාර්යය අවසන් වූ විට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පද්ධතිය මාර්තු 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
විශේෂ කාර්ය පරිපාටි හා සමඟ සිය සක්‍රීය කාර්යභාරය ඉදිරියට ගෙනයමින් ‘මානව හිමිකම් ප්‍රවර්ධනය හා සුරක්ෂිත කිරීම සිදු කරන අතරම ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු 2017 ජූලි මස ශ්‍රී මස ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. 2017 ඔක්තෝබර් මාසයේ දී සත්‍යය, යුක්තිය, හානිපූරණය හා නැවත ගැටුම් ඇති නොවීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එම මාසයේදීම අත්තනෝමතිකව රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරි කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
සංහිඳියාව හා ගැටුම් නැවත ඇති නොවීම සහතික කරලීම සඳහා වන අපගේ දැඩි කැපවීම විදහා පෙන්වමින්, ඔටාවා හා ඔස්ලෝ සම්මුතිවලට (පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය හා පොකුරු අවි පිළිබඳ සම්මුතිය) පිළිවෙළින් 2017 දෙසැම්බර් මස 13 වැනි දින හා 2018 මාර්තු මස 01 වැනි දින ශ්‍රී ලංකාව එක් විය. තව ද, මේ මස මුලදී ඔටාවා සම්මුතියේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
2017 පෙබරවාරි මාසයේ දී කාන්තාවන් වෙනස්කොට සැලකීම මූලිනුපුටා දැමීම සඳහා වන කමිටුවෙත්, 2017 ජුනි මාසයේ දී ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුවෙත්, 2018 ජනවාරි මාසයේ දී ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවෙත් සිය කාලාන්තර වාර්තා සමාලෝචනවලට ශ්‍රී ලංකාව සහභාගී විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ඒ වෙනුවට මානව අයිතිවාසිකම් ආරක්ෂණ හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන ත්‍රස්ත විරෝධී නීතියක් රැගෙන ඒමට යෝජිතය, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නෛතික ක්‍රියාදාමවලට අනුකූලව, නියමිත පාර්ලිමේන්තු ක්‍රියාපාටි අනුගමනය කිරීමෙන් අනතුරුව මේ නීති පද්ධතිය පරිසමාප්තියට පත්වනු ඇත.
බිම්මට්ටමේ වැදගත් තීරණ ගැනීමේ ආයතන වන පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට තේරීපත්වන කාන්තා නියෝජිතයන්ගේ කෝටාවක් ඇති කරනු වස් පළාත් පාලන මැතිවරණ පනතට සහ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන සිදු කරන ලදී. 2018 පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ දී කාන්තාවන්ට 25%ක කෝටාවක් ලබාදෙන නීතිය ක්‍රියාත්මක වූ අතර පළමු වරට වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක් තේරීපත් විය.
2017 – 2021 මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්ම ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහ අදාළ සියලුම රේඛීය අමාත්‍යාංශ සහ නියෝජිතායතන විසින් අත්කරගෙන ඇති ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කොට ඒවාට අවශ්‍ය මඟපෙන්වීම සහ උපදෙස් ලබාදීම පිණිස ස්ථර තුනකින් යුත් යන්ත්‍රණයක් 2017 දෙසැම්බර් මාසයේ දී ස්ථාපනය කරන ලදී.
2017 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචනයේ තෙවැනි වක්‍රයට සහභාගී වූ අතර, එහි වාර්තාව මාර්තු 19 වැනි දින සම්මත විය.
උපදේශන කාර්ය බළකාය මඟින් ඉදිරිපත් කරන ලද අදාළ නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් කෙටුම්පත් කරන ලද සත්‍ය හා සංහිඳියා කොමිසම පිළිබඳ කෙටුම්පත් නීතිය, දැනට තව දුරටත් ඉහළ මට්ටමෙන් අදහස් විමසීමකට ලක්ව පවතින අතර, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා නොබෝ කලකින් ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ වැදගත් නමුදු අභියෝගාත්මක ගමනෙහි ඉදිරියට යන අපි, නෛතික සහ පරිපාලනමය මාර්ගවලින් ගනු ලබන මේ වැදගත් විපරිනාමය පියවර මනා ලෙස ආරක්ෂා කරගැනීම සඳහාත් සංස්ථාපනය කිරීම සඳහාත් අප සමාජයේ සියලු කොටස් සහභාගීවීමේ අවශ්‍යතාව ගැන දැනුවත්ව සිටින්නෙමු. තිරසර පදනමක් මත එකඟතාවකට එළැඹීම පිණිස අපි අපගේ කැපවීම සියලු පාර්ශ්වකරුවන් වෙත යළි අවධාරණය කරන්නෙමු.
ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා අප තුළ ඇති තිර අදිටන හරහා සංහිඳියා න්‍යාය පත්‍රය පූරණය කරන්නට අපි ඇප-කැප වී සිටිමු. මේ න්‍යාය පත්‍රය පෙර කිසි කලෙක නොවූ විරූ එකකි. ඉතා කෙටි කලක් තුළ සුවිසල් කාර්යභාරයක් ඉටු කරන්නට අප භාරගෙන ඇත. එවැනි පියවර ක්‍රියාත්මක කරන්නට අනෙක් බොහෝ රටවල්වලට දශක ගණනාවක් ගත වී තිබේ. අභියෝග මධ්‍යයේ වුව අපගේ කැපවීම ස්ථිරසාරය. මක්නිසාද යත්, සෑම පාර්ශ්වයකම සියලුම වින්දිතයන්ටත්, සෑම ජන කොටසකටමත්, සැමටත් වැඩියෙන් අපගේ අනාගත පරම්පරාවලටත් කොටසකටමත්, සැමටත් වැඩියෙන් අපගේ අනාගත පරම්පරාවලටත් ස්ථාවර, සාමකාමී, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් සමාජයක පදනම සකස් කිරීමට වගබලා ගැනීම රාජ්‍යයේ වගකීම බව අප සම්පූර්ණයෙන්ම වටහාගෙන ඇති බැවිනි. අපගේ අතීතයේ අසීරු උරුමය සමඟ කටයුතු කිරීමේ බර අපගේ අනාගත පරම්පරාවල කර මත නොපැටවිය යුතු යැයි අපි දන්නෙමු.
සභාපතිතුමනි,
ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජයේ අවියෝජනීය කොටසක් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන රටේ ප්‍රදේශ කිහිපයක මෑතදී සිදු වූ සිදුවීම් පිළිබඳ ජාතියක් වශයෙන් අපි වේදනාවට පත් වී සිටිමු. සියල්ලන්ටම සමාන අයිතිවසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ පොදු දැක්මට විරුද්ධ එවැනි ක්‍රියාවලට ප්‍රජාතන්ත්‍රවා දී, බහුවිධ සමාජයක තැනක් නැත. මේ සිද්ධීන්වලට වගකිවයුත්තන්ට එරෙහි රජය කඩිනම් පියවර ගෙන ඇති අතර සිදුවන්නට ඇති යම් ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
යළි එවැනි සිදුවීම් ඇති නොවීම සඳහා දැඩි පියවර ගැනෙනු අත. වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ වී තිබේ. මේ කවුන්සිලය සිය සැසිවාර පවත්වන සමයේ දී අපගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කටයුතු කරන යම් පාර්ශ්ව මේ සිදුවීම් පිටුපස සිටි බව විශ්වාස කිරීමට අපට හේතු ඇත.
0 Comments