හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ ඒකපාර්ශ්වික කරුණු සලකා බැලීමකින් පමණක් වන බැවින් එම අතුරු තහනම් නියෝගය දිගින් දිගටම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව නීතිපතිවරයා ඊයේ (26) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
ඒකපාර්ශවීය කරුණු දැක්වීමකින් අනතුරුව නිකුත් කළ මෙකී අතුරු තහනම් නියෝගය නිසා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇතැයි නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේය. වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය හා ස්මාරක ඉදි කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කෙළේය.
නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා ඊයේ (26) මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්රිති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරු ඉදිරියෙහි කැඳවන ලදී. එහිදී පෙත්සම්කාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (26) දින රාජකාරි නිවාඩු ලබා ඇති හෙයින් මහේස්ත්‍රාත්වරිය මෙසේ නඩුව කැඳවා දින නියම කළාය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් හයදෙනකු ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. නඩු විභාගය සඳහා ළඟ දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සමාගම් රෙජිස්ටාර් ආර්. එම්. ඉන්දුමතී රත්නායක මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි නීතිපතිවරයාට ලබා දුන් බවය. එහිදී කරුණු පැහැදිලි කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි 27 වැනිදා සවස නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ නඩු අංකයක් නොමැති බවය. පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඒකපාර්ශවිකව කරුණු දැක්වීමකින් පසුව අතුරු තහනම් නියෝගය ලබා ගෙන තිබුණා. ඒකපාර්ශ්වික කරුණු දැක්වීම නිසා තමයි අධිකරණය විසින් තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේ එසේ නොවුනානම් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව අධිකරණයට තිබුණා. නීතිපතිවරයාගේ කරුණු සැලකිල්ලට ගෙන මෙම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ හැකියාව අධිකරණයට තිබෙනවා යැයි ඒ මහතා කීය. කෙසේ වුවද මෙම ඉල්ලීම සම්බන්ධ කරුණු වැඩිදුර සලකා බැලීම අද (27) සිදු කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය හෙට (28) දින තෙක් ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට තීරණය කෙළේය.
0 Comments