Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකාවෝ අවසන් සටනට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

කොළඹදී පැවැත්වෙන ආසියා - ඕෂනියා කනිෂ්ඨ ෆෙඩ් කුසලාන ටෙනිස් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේ ඊයේ පැවැති අවසන් පූර්ව වටයේදී පිලිපීනය 2-1කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව මෙම අවස්ථාව උදාකර ගත්හ.

මෙයට සමගාමීව පැවැති ඩේවිස් කුසලාන අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානය හමුවේ 3-1කින් පරාජයවීම හේතුවෙන් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවී ගියහ.

ෆෙඩ් කුසලාන අවසන් සටනට පිවිසි ශ්රීහ ලංකා පිලට සවිනි ජයසූරිය, අංජලිකා කුරේරා හා ඔනෙලි පෙරේරා අයත්වූ අතර ඔවුන් වෙතින් මාලදිවයින හා වියට්නාමය මූලික වටයේදී පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩේවිස් කුසලාන කනිෂ්ඨ තරගාවලියට කවීෂ රත්නායක, චාතුර්යා නිලවීර හා අෂේන් සිල්වා සහභාගීවූ අතර ඔවුන් වෙතින් සෞදි අරාබිය, ටජිකිස්තානය හා සිරියාව පරාජයවූ අතර වියට්නාමය ඉදිරියේ පරාජය විය.

ආසියා - ඕෂනියා කනිෂ්ඨ ෆෙඩ් කුසලාන ටෙනිස් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ‘ජී‘ කාණ්ඩයෙන් තරගවදින අතර ලෙබනනය, පිලිපීනය, සිංගප්පූරුව, මොන්ගෝලියා හා වියට් නාමය තරග කළහ.

ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී‘ කාණ්ඩයෙන් තරග කල අතර එහි ශ්‍රී ලංකාව සමග සෞදි අරාබිය, වියට්නාමය හා ටජිකිස්තානය තරග වැදුනහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();