Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුහුණු නිල් මහ සටන 23 දා සිට

මාතර සාන්ත සර්වේශස්-සාන්ත තෝමස් 118 වැනි

පළමු වරට පාසල් ක්‍රිකට් තරගාවළියේ පළමු පෙළ තරගාවලියට එක්වෙමින් පළමු වටය අවසානයේ සාන්ත තෝමස් විදුහල පූර්ණ ජයග්‍රහණ තුනක් වාර්තා කර ප්‍රසාද ලකුණු 98.060 ලබා කණ්ඩායම් අතර 17 වැනි ස්ථානයට පත්වූ අතර සාන්ත සර්වේශස් විදුහල එක් පුර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් වාර්තා කර ප්‍රසාද ලකුණු 87.560 ලබා 20 වන ස්ථානයේ සිටී.

මාතර සාන්ත සර්වේශස් විදුහලත් සාන්ත තෝමස් විදුහලත් අතර 118 වැනි රුහුණු නිල් මහ සටන මේ මස 23 දා සිට 25 දක්වා මාතර උයන්වත්ත පිටියේ පැවැත්වේ.

වසර 1900 සිට අඛණ්ඩව මාතර දී පැවැත්වෙන මේ මහ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණ 32 ක් වාර්තා කරමින් සාන්ත තෝමස් විදුහල තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර සාන්ත සර්වේශස් විදුහල වාර්තා කර ඇත්තේ ජයග්‍රහණ 27 ක් පමණි. සාන්ත තෝමස් විදුහල අවසන් වරට තරගයක් ජය ගත්තේ 2007 වසරේ වූ අතර සාන්ත සර්වේශස් විදුහල අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ 1971 දීය. මේ වසරේ සත්කාරක පාසල වන්නේ සාන්ත සර්වේශස් විදුහලය.

තරූශ කාවින්ද්‍ය ගේ නායකත්වයෙන් සහ මලීශ ද සේරම් ගේ උප නායකත්වයෙන් 118 වැනි මහා තරගයට පිටියට පිවිසෙන සාන්ත තෝමස් කණ්ඩායම මිහිසල් අමෝද, ලහිරු දිල්ශාන්, උදිත් සත්සර, සිනේත් සිතාර, වෝෂිත අමරසිංහ, ගිශන්තික ජයවීර, හසරු අනුරංග, කවිදු රිද්මාල්, හිරූශ ජීවන්ත, ජේ පී හරිදු, ජී විදුශාන්, චාමික රණසිංහ, හිරන්ත ලක්ශාන්, සතිර තීක්ෂණ, සචිර රශ්මික, රුසිරු චානක ද ලැනරෝල්, නිමන්තක භාෂණ, නිපුන රුචිර, සංජය මධුරංග ගෙන් ශක්තිමත් වී සිටී. සාන්ත තෝමස් විදුහල් පිලේ පුහුණුකරු ලෙස චරිත් පල්ලියගේ මහතා කටයුතු කරයි.

සාන්ත සර්වේශස් පිල ශ්‍රී ලංකා 19 පහල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවාගේ නායකත්වයෙන් සහ චරිත් හර්ශනගේ උප නායකත්වයෙන් ඉසුරු උදයංග දලදාවත්ත, සදරු නෙත්මිණ, පසිදු මනුප්‍රිය, රිසිර ලක්වින්, ශෂික දුල්ෂාන්, සුපුන් කාවින්ද, කේසර නුවන්ත, චේතක දෙනුවන්, රුවින්ද රොචන, ඩිලක්ෂණ කාවින්ද, පසන් තත්සර, පුෂ්පිත ඩිල්ෂාන්, දිනුර දිල්මිත්, කවිදු දුලක්ෂිත, වරුන විශ්ව, රුචිර සංකල්ප, කවිශ්ක හර්ෂමාල්, ශානක දිදුලන්ත, නිපුන් රංගීත්, රිතික් අනුරෘධ, නවීන් සාහිත් සහ චිහාන් කළිදු ගෙන් ශක්තිමත් වී ඇත. සාන්ත සර්වේෂස් විදුහල් පිලේ පුහුණුකරු ලෙස රවීන්දු පල්ලියගුරුගේ මහතා කටයුතු කරයි.

ප්‍රියාන් ද සිල්වා මාතර ක්‍රීඩා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();