ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පුජක මෞලවි එස්. සල්සබිල්
මොණරාගල දිස්ත්‍රික්කයේ 02%ක් ඉස්ලාම් ආගම අදහන් පිරිසක් ජිවත්වෙනවා. වැඩි වශයෙන් නාගරික පරිසරයක ජීවත්වෙන මෙම මුස්ලිම් ප්‍රජාව ව්‍යාපාරික කටයුතුවල නියළි සිටින අතර ග්‍රාමිය වශයෙන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවත්වෙනවා. මේ අය අතර කිසිදු ආගම් හෝ ජාති බේදයක් නැහැ. බහුතරයක් වු
මොණරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව අතිතයේ සිට, සිංහල බෞද්ධ ජනතාව සමඟ සතුටින් ජීවත්වි ඇති බව අපේ මුතුන් මිත්තන් ගේ අත්දැකිමයි යැයි මොණරාගල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පුජක එස්. සල්සබිල් මෞලවිවරයා පවසා සිටී.
මොණරාගල දිස්ත්‍රික්කයේ අන්තර් ආගමික නායකයින් විසින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෞලවිවරයා එසේ පැවසීය. මෙම සාකච්ඡාව පැවැතියේ මොණරාගල ජලජීවි පුහුණු මධ්‍යස්ථානයේදිය.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
පසුගිය දිනවල සුළු සිද්ධින් කිහිපයක් මොණරාගල දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදුව තිබෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා බෞද්ධ ජනතාව මැදිහත්වෙමින් එම තත්ත්වයන් පාලනය කර ගැනිමට සමත් වුණා. බරපතළ සිද්ධින් සිදුවුයේ නැහැ. මේ කාලය තුළදි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ සිංහල ජනතාව ලබාදුන් ආරක්ෂාව මුස්ලිම් ජනතාව වශයෙන් අපට අමතක කරන්න බැහැ.
සැබැ මනුෂත්වය එහිදි ක්‍රියාත්මක නොවන්න විශාල ගැටුම්වලට මොණරාගල මුස්ලිම් ජනතාවට මුහුණ පැමට සිදුවෙනවා. අවශ්‍ය රැකවරණය භික්ෂුන් වහන්සේ ප්රමුඛ සිංහල ජනතාව ලබාදුන්නා. අප අතර පැවැති විශ්වාසය තවදුරටත් ආරාක්ෂාව තිබෙනවා. අපි දෙපාර්ශ්වය අතර සමගිව ජීවත් වියහැකි පරිසරයක් තිබෙනවා යැයි මොණරාගල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පුජක එස්. සල්සබිල් මෞලවිවරයා පැවැසීය.
බලහරුව පුරාණ විහාරයේ විහාරාධිපති බලහරුවේ සිරිසුමන හිමි - මොණරාගල දිස්ත්‍රික්කයේ අන්තර් ආගමික කමිටුව සියලු ආමික නායකයින් නියෝජනය කරමින් පිහිටුවාගත් එකක්. මෙහි දි දිස්ත්‍රික්කයේ සර්ව ආගමික හර පද්ධතිය පිළිබඳ කතා කරනවා. ඒ වගේ විපත්වලින් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් විවිධ අයුරින් උපකාර කිරිමට සහවීමට ඉදිරිපත්වෙනවා. පසුගිය දිනවල අවාසනාවන්ත සිදුවීමක් අප රටේ ඇති වුණා. මේ හේතුවෙන් එකට ජීවත්වෙන් මුස්ලිම් සිංහල ජනතාව අතර ගැටුමක් ඇති කිරිමට කටයුතු කළා.
වසර 30 කට වැඩි කාලයක් පැවැති ත්‍රස්තවාදය තුළින් අපට විශාල හානි සිදුව තිබනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස අපිට ඒ අත්දැකිම් ලබලා තියනවා. කොටි ත්‍රස්තාවාදය අවසානයේ ජාතිවාදි අරගලයක් බවට පරිවර්තනය වෙලා ගියා. වගකීම් දරන රාජ්‍ය ආයතන තම රාජකාරිය වගකීම නිසිලෙස ඉටු නොකරණ නිසා මෙවැනි තත්ත්වයන්වල දී මහජනතාව සාධාරණත්වය ඉල්ලා පාරට බහිනවා.
මෑතදි සිදුවු දිගන සිද්ධිය දුරදිග යෑමට ප්‍රධානම හේතුව නිතිය සාමය සඳහා මේ රටේ ක්‍රියාත්මකවන ආයතනවල සාධාරණය ඉටු නොවිමයි.
අවසානයේ මෙය ආගමික ගැටුමක් බවට පරිවර්තනය උනා.මේ රාජ්‍ය ආයතන සක්‍රිය කිරිමේ වගකීම ආණ්ඩුවේ හා රජයේ වගකීමයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ආගමික ගැටුමක් හෝ ජාතින් අතර ගැටුමක් ඇතිවිමට බෞද්ධ නායකයින් වශයෙන් අපි ක්‍රියාකරන්නේ නැහැ යැයි මෙම මාධ්‍ය හමුවට සහභාගිවු බලහරුවේ සිරිසුමන හිමියන් පැවැසීය.
මොණරාගල ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ ප්‍රධාන පුජක සුනිල් විජේසේන- වවිධ අනන්‍යතාවට ගරු කරමින් ජීවත්වන්නේ නම් ගැටුමක් ඇතිවන්නේ නැහැ. තමන් අදහන ආගම වේවා තමන් නියෝජනය කරන ජාතිය හෝ වේවා මෙයින් සමාජයට යම් හානියක්
සිදුවන්නේ නම් එම කණ්ඩයම එම පුද්ගලයා අන්තවාදියකු බවට පත්වෙනවා. ඔහු ළඟ ආගමික හැගිමක් හෝ ජාතික හැගිමකින් කටයුතු කරන්නේ නැහැ. ඔහු පටු වාසි අපේක්ෂාවෙන් යැයි පැවැසීය.
මොණරාගල ශ්‍රී ගණදෙවි කොවිලේ කුරුක්කල් ශිව ශ්‍රී සුබමණනියම් බාලචන්ද්‍රන් පුජකතුමා - විවිධ නම්වලින් සඳහන් වුවත් වැරැදි කරණ පුද්ගලයා අපායටත් නිවැරැදිව කුසල් රැස්කරගන්නා පුද්ගලයා දිව්‍ය ලෝකයටත් මරණයෙන් පසු යනවා. මනුෂ්‍යෙයකු ලෙස ඉපදි මනුෂ්‍යයකු ලෙස මිය යනවානම් එම සමාජය ගුණගරුක සමාජයක්. එවැනි සමාජයක් රටතුල ඇති කිරිමට සියලු ආකාරයෙන් කටයුතු කරමු ශිව ශ්‍රි සුබමණියම් බාලචන්ද්‍රන් පුජක තුමා පැවැසීය.
ඌව වෙල්ලස්ස සමූහ වජිර උමගිලිය
0 Comments