Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමනල් නාට්‍යය පරදවා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පෙන්විමින්, කූඹියෝ සහ ජෙහාන් සම්මානයට..!

ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53 ක් ප්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන මෙහිදී ප්‍රදානය කෙරේ.

ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වූ තුමිදු දොඩන්තැන්නයි.

“මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්.!
– ජනප්‍රියම නළුවාට හිමි සම්මානය අතට අරගෙන තුමිදු කීව අපූරු කතාව

ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යයි.

ඊයේ දින මාර්තු (24) රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී “කූඹියෝ” නාට්‍ය ජනප්‍රියම නාට්‍ය ලෙස සම්මාන හිමි කර ගත් අතර ජනප්‍රියම නළුවා ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ “කූඹියෝ” නාටයේ ජෙහාන්ගේ චරිතයට පණ දුන් තුමිදු දොඩන්තැන්නයි. ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දෑතට ගෙන වේදිකාව තුළ අපුරු දෙයක් පැවසුවා සියල්ල ගේ අවධානය යොමු වූ කූඹීයෝ ජේහාන් කළ අපූරු කතාවයි මේ…..

“මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්. මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ “

 

The post සමනල් නාට්‍යය පරදවා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පෙන්විමින්, කූඹියෝ සහ ජෙහාන් සම්මානයට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();