Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ලංකාව මගේ දෙවන ගෙදර , අර්ජුනට තාම ආදරෙයි” ඉන්දීය පුහුණුකරු ලංකාව ගැන කියූ කතාව

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවේ. වයස අවුරුදු 19 න් පහල වයසේ සිටම ඔහු දිවයිනේ නිරන්තර සංචාරයන් සඳහා පැමිණ ඇත. අසුව දශකයේදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඉන්දීය19 න් පහල කණ්ඩායමේ නායකයා ලෙස පැමිණෙන්නේද රවී වන අතර ඉන් පසුව අවස්ථා ගණනනවකදීම ක්‍රීඩකයෙකු ලෙස සහ විස්තර විචාරකයෙකු ලෙසද ශාස්ත්‍රී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකාව සමඟ දැඩි සම්භන්දතාවයක් තිබෙන ශාස්ත්‍රී පුහුණුකරුවකු ලෙස ඉන්දියා කණ්ඩායම සමඟ පළමු විදෙස් සංචාරය ශ්‍රී ලංකාවේ පසුගිය ජුලි මාසයේ සිදු කිරීමද තවත් වැදගත් සිදුවීමකි.ලෝකයම බලා සිටින ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර ධුරය ,වගකීම් රැසක් සහ නිරන්තර වෙනස් වීම් වලට හුරුවෙමින් ඉදිරියට යා යුතු තනතුරක් වන අතර මෙම තනතුර දරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ශාස්ත්‍රී අතීත අත්දැකීම් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයේ ලොකු වෙනසක් කරන කුසල් මෙන්ඩිස් නම් ක්‍රීඩකයා ගැනද අයිලන්ඩ් පුවත් පත සමඟින් අදහස් දක්වා ඇත.

කොළඹ කියන්න ඔබගේ දෙවන ගෙදර වගෙයි නේද?

ඔව් ඇත්තටම,මගේ විදෙස් ගමන් බලපත්‍රයේ පළමු සංචාරය කරපු රට විදියට සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව,ඒ මම 19 න් පහල ක්‍රිකට් ගහද්දී,ඒ සංචාරය මේ ලස්සන රටේ අපිට සුන්දර මතකයන් රැසක් ඉතිරි කළා.අපි රටේ හැම පැත්තටම වගේ ගියා මාස දෙකක කාලයකදී,ඊට පස්සේ ශ්‍රී ලංකාවට ක්‍රීඩකයෙක් විදියට ගොඩක් වෙලාවට ආවා,1994 ක්‍රිකට් පිටියෙන් සමු ගත්තට පස්සෙත් මම විස්තර විචාරකයෙක් විදියට ලංකාවට ආවා.ඊට පස්සේ මම පුහුණුකරුවෙක් විදියට පලවෙනි සංචාරය එන්නෙත් මේ ලස්සන රටට,මට ලංකාවේ යාළුවො ගොඩක් ඉන්නවා.

පේන විදියට ප්‍රතිවාදීන් තමයි හොඳම යාළුවො වෙලා තියෙන්නේ..?

අර්ජුන අරවින්ද වගේ ක්‍රීඩකයෝ අඳුර ගෙන දැන් අවරුදු 30 කටත් වැඩියි,ක්‍රිකට් නිසා තමයි එයාල මට හම්බ වුනේ.අපි පිටිය මැද ප්‍රතිවාදියෝ වුනත් එළියේදී හොඳ යාළුවො,ලංකාව ලෝක කුසලානය දිනද්දී මම විස්තර විචාරකයෙක් විදියට හිටිය,මම ගොඩක් සතුටට පත්වුණ අවස්ථාවක් තමයි ඒක.ඇත්තටම මේක පුංචි දිවයිනක් වුනාට පුදුම දක්ෂයෝ හිටපු තැනක්.ටෙස්ට් වරම් දිනලා අවරුදු 14ක් යද්දී ලෝක කුසලානය දිනන්න සමත් වුනා,ඒ වගේම ලෝකයේ බිහිවුන හොඳම නායකයෙක් වන අර්ජුන ලෝකයේ බිහිවුන සුපිරිම පිතිකරුවෙක් ,96 ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව තිබුණ තරඟයේ ඔස්ට්‍රේලියාව එක්ක තිබුන තරඟයේ අරවින්ද පෙන්නුවා ඔහු මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියල.ඇත්තටම ලංකාවේ ක්‍රීඩකයෝ ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ක්‍රීඩා කරන අකාරය ගැන ඔබ මොනවද හිතන්නේ?

මමනම් හිතන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වල ගුණත්වය අඩු වෙලා කියල,ඔවුන් පහුගිය කාලේ මුහුණ දුන්නේ වැඩි පුර ඉන්දියාවට,ඉන්දියා කණ්ඩායම මේ කාලයේ හොඳටම ක්‍රීඩා කරන කාලයක්,ඉතින් ශ්‍රී ලංකාව ඒ තරඟ වල පරාජය වුනා කියන්නේ ක්‍රිකට් වැටුන කියන එක නෙවෙයි,අනිත් එක ලංකාවේ මේ කණ්ඩායමේත් සහජ දක්ෂතා තියන දක්ෂයෝ ඉන්නවා,මම හිතන්නේ එංගලන්තය,ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව වගේ රටක් ලංකාවට ආවොත් මට හිතෙනවා,මේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී.අපි 2015 දී ලංකාවට ආපු වෙලාවේ තරඟාවලිය 2-1 විදියට දිනුව,ඊට පස්සේ ලංකාව ක්‍රීඩා කරපු තරඟ දිහා බලපු අය කිව්වා ලංකාවේ ක්‍රිකට් බැහැල කියල,හැබැයි ඊට පස්සේ ලංකාවට ආපු ඔස්ට්‍රේලියාවට මොකද වුනේ,3-0 විදියට පැරදිලා තමයි ගියේ.ඊට පස්සේ කවුද කිව්වේ ලංකාව දුර්වලයි කියල. කුසල් මෙන්ඩිස් කියන්නෙත් දක්ෂයෙක්



from Gossip Lanka News & Video http://ift.tt/2pnIato
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();