මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා තේරීම සඳහා මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් මස්කෙළිය, අම්බාල් ශාලාවේදී අද පැවැති රැස්වීමේදී දැඩි ගැටුම්කාරී තත්වයක් ඇති විය.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරී පත්වූ ජී.සෙම්බගවල්ලි තේරී පත්වූ අතර, උප සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසාද මන්ත්‍රිවරයෙකු වූ පී. පෙරියන්නන් ප්‍රදීපන් තේරී පත් විය.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සඳහා මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඡන්දයෙන් සභිකයන් 10 දෙනෙකු හා ප්‍රසාද මන්ත්‍රීවරුන් 06 දෙනෙක් සමග සමස්ථ සභිකයන් 16 දෙනෙක් තෝරා පත්කර ගෙන තිබිණි.
ඊයේ පැවති සභාපති තේරීමේ අවස්ථාවේදී ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පත්ව සිටි සභිකයන් 07 දෙනා මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පත්ව සිටි සභිකයින් 07 දෙනාගෙන් එක් ප්‍රසාද මන්ත්‍රීවරියක් හැර අනෙක් 06 දෙනා සහභාගී වී සිටියහ.
මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් මෙහිදී මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස නම් යෝජනා කරන ලෙස දැන්වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොග්රසයේ ජී. සෙම්බලවල්ලීගේ නම යෝජනා කෙරිණි.
මෙහිදී වෙනත් යෝජනා කිසිවක් සභාපති තනතුරට ඉදිරිපත් නොවූ නිසා ජී. සෙම්බලවල්ලී සභාපති ලෙස තේරී පත්වූවාය.
උප සභාපති ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටි පී. පෙරියනන් ප්‍රදීපන්ගේ නම යෝජනා විය.
වෙනත් යෝජනා නොවූ නිසා ඒ මහතා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
මේ අතර රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක නගරාධිපතිවරයා ලෙස අද තේරී පත්විය.
මෙහිදී නගරාධිපති ධුරයට තරග කළ සෙසු අපේක්ෂකයා වූ චන්ද්‍රසිරි අතුකෝරළට (විනී) හිමිවූයේ ඡන්ද 11කි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
උපනගරාධිපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයෙන් ඡන්ද දහතුනක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ එම්.ඒ.මුණසිංහ මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්විය.
අලුතින් තේරී පත් වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති ටිරෝන් හිරන්ත අත්තනායකට සහ නියෝජ්‍ය නගරාධිපති එම්.ඒ.මුණසිංහ යන මහත්වරු දෙදෙනාට මුලින්ම මල්මාලා දමා පිළිගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග වීම කැපී පෙනුණි.
එමෙන්ම, කුරුණෑගල මහ නගර සභාවේ බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.
ඒ එහි නගරාධිපති හා උපනගරාධිපති පත්කිරීම සඳහා පැවැත්වූ රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණ නියෝජනය කළ තුෂාර සංජීව හා සුමිත් උඩවාසල යන අය පිළිවෙළින් නගරාධිපති හා උපනගරාධිපති වශයෙන් පත්වීම හේතුවෙනි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහ නගර සභාවේ බහුතර බලයක් අත්කර ගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි විය.
නගරාධිපති වෙනුනේ පැවැත්වූ රහස් ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හැර මන්ත්‍රිවරුන් 20 දෙනෙකු ඡන්දය භාවිත කළ අතර එහිදී තුෂාර සංජීව ඡන්ද 11 හිමිකර ගත් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වරුණ ප්‍රේමරත්නට හිමිවූයේ ඡන්ද 09කි.
මේ අතර හම්බන්තොට මහ නගර සභාවේ රැස්වීම ඝණ පූර්ණයක් නොමැති වීම හේතුවෙන් කල් දැමිණ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදි හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළේය.
මහ නරග සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 09 දෙනා හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා රැස්වීමට පැමිණිය ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රිවරු 11 දෙනා නොපැමිණිම හේතුවෙන් රැස්වීම කල් දැමිණ.
0 Comments