Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් රටවල බුදු දහම පැතිර ගියේ සිවුරේ ගෞරවය භික්ෂූන් රැකගත් නිසායි

ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහළගම සෝමරතන හිමි

ලෝකයේ රටවල්වල බුදු දහම ව්‍යාප්ත කිරීමට අපට හැකිවූයේ සිවුරේ ගෞරවය සහ සිවුරේ ශක්තිය ආරක්ෂා කරගෙන කටයුතු කළ නිසා යැයි ලන්ඩන් තේම්ස් විහාරාධිපති ගම්පහ පහළගම යටවත්ත පුරාණ රජමහා විහාරාධිපති පහළගම සෝමරතන හිමියෝ කීහ.

ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවර කළ හිමිවරුන්ගේ අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය ත්‍යාග ප්‍රදානය සහ පිරිවෙන් අධ්‍යාපන වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් එම විහාරයේ පැවති උත්සවයේදී උන්වහන්සේ එසේ පැවසූහ.

අද හිමිවරුන්ට එදා අපට නොතිබූ වරප්‍රසාද සහ තාක්ෂණය තිබෙනවා. එදා සිට අද දක්වා අපි බුදු දහම ජාත්‍යන්තරය පුරා ගෙන ගියා. මේ ආගමික සේවය තව තවත් දියුණු කරන්නට දැන් නව තාක්ෂණය නිසා තවත් ශක්තිය ලැබෙනවා. ඒ සඳහා සියලු භික්ෂූන්වහන්සේලා කැපවිය යුතුයි. සිවුරේ ශක්තිය හා සිවුරේ ගෞරවය රැකගෙන සෑම භික්ෂුවක්ම බුදු දහම රැක ගත යුතු යැයිද උන්වහන්සේ කීහ. මේ උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා කැපවී විශාල මෙහෙයක් කළ දැනට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දරන දර්ශනපති කොබ්බෑවල මේධංකර හිමියන්ට විශේෂ උපහාර සම්මාන ප්‍රදානය කෙරිණි. එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් කැපවූ තවත් හිමි වරුන් රැසකට ත්‍යාග හා සහතික ප්‍රදානයක්ද සිදු කළ අතර පිරිවෙන් අධ්‍යාපනය හා සම්බන්ධ වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.

ගම්පහ මධ්‍යම සමූහ පී.ඒ.ඔලිවර් පෙරේරා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();