විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ප්‍රියන්ත
රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් මිල අධික විදේශිය මත්පැන් බෝතල් පහළොස්දසක පමණ ප්‍රමාණයක් සමඟ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මඟින් පෙරේදා පස්වරුවේ කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටදී රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂ දෙක පමණ දක්වා අලෙවි වන එම මත්ද්‍රව්‍ය තොග නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා සුපිරි පන්නයේ පිරිස්වලට අලෙවි කරන ඒවා බවද වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ කේ. සිවිල් සී. පෙරේරා මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම මත්පැන් සඟවා තිබූ ගබඩාව වටලා ඒවා පොලිස් බාරයට ගෙන ඇත. උත්සව සමයේදී සුපිරි හෝටල්වල පාවිච්චියට ගන්නා වයින් සහ ෂැම්පේන් වර්ග ගණනාවක්ම තිබී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙකි. ඔහු ආර්. ඒ. ද මෙල් මාවත කොළඹ 03 ප්‍රදේශයේ පදිංචිකරුවකු ද වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යයි.
0 Comments