හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය ලබාදීම වෙනුවෙන් සහාය ලබාදීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට තේරිපත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලෙස බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
2015 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඊට අකමැති වූ කණ්ඩායමට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසර ලබාදුන් බවත් මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.
ඒ අනුව විපක්ෂ නායක ධූරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම සම්බන්ධයෙන් සහාය දැක්වීමේ හැකියාවක් නොමැති බව මහින්ද අමරවීර මහතා අනාවරණය කළේය.
ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුතිවාදී ජාතික ආණ්ඩුව පිහිටුවීමේදී එම පක්ෂ දෙකට හිමිවිය යුතු අමාත්‍යාංශ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියද නීතිය හා සාමය අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙකුට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි. එමේනම එය පවරා ගැනීමක් නොව දෙපාර්ශ්වයේ එකඟතාව ඇතිව කරනු ලබන සුහද හුවමාරුවක් බව ත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරය භාරගනු ලැබුවේ තාවකාලිකව බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ අමාත්‍ය ධූරයන්වල සංශෝධන ක්‍රියාවලිය සති දෙකක් ඇතුළත සිදුකරන බවද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.


0 Comments