Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන, ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් 08 දනකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු විය. මේ අතර දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සඳහා මෙවර එක් කරන ලද නව සම්මාන 03ක් මෙහි දී ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා වන පාරිසරික මාර්ගෝපදේශන සංග්‍රහය ද මෙහි දී නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්. කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ආයෝජකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප- සුදත් මලවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();