ලබන යල කන්නයේ වී ගොවිතැන සඳහා මොරගහකන්ද ජලාශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වලට අවශ්‍ය ජලය මුදාහරින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග නිලධාරීන්ට නියෝග කරන ලදී.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (26) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වාරිමාර්ග කටයුතු සමාලෝචනයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මේ වන විට අක්කර අඩි 1,12800ක ජල ධාරිතාවක් ද මින්නේරිය ජලාශයේ අක්කර අඩි 49930 ක් ද, කවුඩුල්ල ජලාශයේ අක්කර අඩි 16400ක් ද, ගිරිතලේ ජලාශයේ අක්කර අඩි 10750ක් ද පිරී පවතින බව මෙහි දී වාරිමාර්ග ඉංජිනේරුවරුන් පැවැසීමෙන් පසු මේ ජලාශවලට ද යල කන්නය සඳහා මොරගහකන්ද ජලාශයෙන් ලබාගෙන වැව් පිරවීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන්නේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් මේ වන විට සිඳීගොස් ඇති නිසා එහි ජනතාවට බීමට පවා ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති හෙයින් මොරගහකන්ද ජලාශයෙන් ජලය කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වාරිමාර්ග නිලධාරීන්ට දැන්වීය.
ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය


0 Comments