සුරියවැව මහගල්වැව ජනපදයට සති දෙකක් තිස්සේ කඩා වැදී සිටින වන අලියෙකු පෙරේදා (26) අලුයම මහගල්වැව විද්‍යාලය අසල ඇති වි මෝලක් කඩා සහල් ගෝනි එළියට ඇද කා දමා තිබේ.
ගම්මුන් පවසන්නේ සති දෙකක් තිස්සේ මෙම වන අලියා කරුවල වැටීගෙන එන විට ගමට කඩා වැදී එළිවෙන තුරු ගම්මුන් භීතියට පත් කරමින් ඒ මේ අත යන බවයි.
මහගල්වැව පදිංචි ඒ.කේ.පේමරත්න මහතා මෙසේ පැවසීය.
පෙරේදා (26) අලුයම 1.30ට විතර අලියා මගේ මෝල කඩනවා කියලා අයියා මට කෝල් කරලා කිව්වා.මං ඒ වෙලාවෙම අලි වෙඩිත් අරගෙන ආවා. නමුත් අලි වෙඩි දමලා ගම්මුන් එක්ක කෑ ගැහුවත් අලියා එළව ගන්න බැරිවුණා. පාන්දර 1.30ට විතර මෝල ළගට ආව අලියා උදෑසන 7.30 වෙනකම්ම මෝල ළගට වෙලා බිත්ති පෙරළලා කොටලා තිබුණු හාල් ගෝනි 04ක්ම එළියට ඇදලා අරගෙන කෑවා. මෝලේ බිත්ති තුන් පැත්තකින් අලියා කැඩුවා.වනජීවියට ඒ වෙලාවේම කොල් කළා. නමුත් කවුරුත් අවේ නෑ.
පහුගිය දවස් ටිකේම අලියා මෝල කඩන්න ආවා. කෑ කෝ ගහලා බේරගත්තා. නමුත් පෙරේදා මෝල බේරගන්න බැරි වුණා. මට රුපියල් ලක්ෂ 09ක විතර පාඩුවක් අලියා කරලා තියෙනවා. නමුත් මේ ගැන සොයා බලන්න තවම කවුරුවත් බලධාරියෙක් ආවේ නෑ.
ඩබ්ලිව්.පී.විජේපාල මහතා.
හේන් ගොවිතැන නතර කරපු එක තමයි මේ අලි කරදරේ වැඩි වෙන්න හේතුව වුණේ.මොකද මිට පෙර මේ පළාත්වල හිටිය අයගෙන් 90%ක්ම දෙනා කළේ හේන් ගොවිතැන. හේන් ගොවිතැන අවසන් වෙන කොට ඒ හේන් කාලෙකට අතහැර දමනවා. එහිදී ඒ හේන්වල අලින්ට කන්න ඕන තරම් පඳුරු තියෙනවා. දැන් හේන් කරන්නේ නැති නිසා කැලැ මැද තියෙන්නේ මහා රූස්ස ගස් හා කටු පඳුරු විතරයි. ඉතින් අලින්ට ඒවා කන්න බෑ .අලි ගම් වදිනවා කෑම හොයාගෙන. එක දවසක් ඇවිත් හාල් කාලා පුරුදු වුණාම අලි හැමදාම ගෙවල් හරි කඩලා හාල් හොයනවා. මේ ගම්වල මිනිස්සු දැන් හේන් අතහැරලා අවුරුදු පහකට වැඩියි.
හේනක් කපනකොට වනසංරක්ෂණ එකේ මහත්වරු ඇවිත් මේ මිනිස්සු උසාවි අරගෙන යනවා. ඒ නිසා ගම්වල මිනිස්සු හේන් කිරීම අතහැරලා කුලි වැඩට යනවා. අලින්ගෙන් ගම ආරක්ෂා කිරිමට කියලා හදලා තියෙන අලි වැටත් කිසිදු ප්‍රෙයා්ජනයකට නෑ. ඒකේ කරන්ට් එක නෑ. ඒ නිසා අපි ඉල්ලන්නේ අලි වැට ශක්තිමත් කරලා ගම්මුන්ගේ ජිවිත ආරක්ෂා කරලා දෙන්න කියලා විතරයි.
සුරියවැව විශේෂ


0 Comments