උතුරු කොරියාවට මෙතෙක් පැනවූ විශාලතම සම්බාධකය පැනවීමට අමෙරිකාව සූදානම් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියාවට අදාළ නෞකා ඇතුළු නාවික ප්‍රවාහන ආයතන 50කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස සම්බාධක පැනවෙනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
චීනය හා තායිවානයට ද එම සම්බාධකවලින් බලපෑම් එල්ල වනු ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උතුරු කොරියාවට න්‍යෂ්ටික නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය ප්‍රභව හා ආදායම් මාර්ග නවතා දැමීමේ අරමුණින් මේ නව සම්බාධක පැනවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ලොව රටවල් කිහිපයකින් හා අමෙරිකාව මගින් මීට පෙර සිටම උතුරු කොරියාවට විවිධ අයුරින් සම්බාධක පනවා තිබිණි.


0 Comments