පළාත් පාලන ආයතන සඳහා නිසි කාන්තා නියෝජනය නොමැති වීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග නොගන්නා ලෙස අනෙකුත් සිවිල් සංවිධාන වලින් කැෆේ සංවිධානය ඉල්ලා සිටී. එසේ ගැටලු මතු කිරීමෙන් එම ආයතන පිහිටුවීම තවදුරටත් කල් ගතවන අර්බුදයක් බවට පත්වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම මැතිවරණ ක්‍රමය මැතිවරණයට පෙර හෝ පසු සන්ධානගත වීම සඳහා සැකසූවක් බවද ඒ පිළිබඳ අවබෝධයක් නැතැයි යන්න මැතිරණයට ඉදිරිපත් වූවන්ට පැවසිය නොහැකි අතර වෙනත් නෛතික ක්රියාමාර්ගයකින් එය විසඳා ගත නොහැකි බවද පෙන්වා දුන්නේ ය.
රාජගිරිය වැලිකඩවත්ත කැෆේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ විය.
එහිදී කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැති පළාත් පාලන මැතිවරණය සහ ඉදිරි පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙසේ ද කීය.
පළාත් පාලන ආයතන නිත්‍යනුකූලව ස්ථාපිත කිරීමට මසකට ආසන්න කාලයක් ගත විය හැකියි. පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ කාර්යය නිසි ලෙස කළ හැකි වන්නේ ආණ්ඩුවේ ගැටලු විසඳා ගැනීමෙන් පසුවයි.
පළාත් පාලන අනුපාත පත්වීම් ක්‍රමය නෛතික තත්ත්වය නොසලකා දේශපාලන අවශ්‍යතාව මත 60%- 40% ප්‍රමාණය දක්වා වෙනස් කිරීම වර්තමානයේ අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. මේ නිසා කාන්තා නියෝජනය 25% නොමැතිකම පළාත් පාලන ආයතන පිහිටුවීමට අනිවාර්ය නෛතික බාධාවක්.
ඒ අනුව කුඩා හා ස්වාධීන කණ්ඩායම්වලට පළාත් පාලනයේදී පළමු වරට වැඩි ඉඩක් ලැබී තිබෙනවා. විද්‍යාත්මක විශ්ලේෂණයක් කර නැති පුද්ගලයින් මේ ක්‍රමයට අත ඔසවා අර්බුදයේ පළමු පියවර නිර්මාණය කළා. මේ සම්බන්ධයෙන් තර්ක කළ අය කැමති වුණේ තනිව තරග කරන්න.
විශේෂඥයන්ට ඇහුම්කන් නොදීමේ වරද මේ සිද්ධ වී තිබෙන්නේ. උදාහරණ ලෙස ඌව දික්වැල්ල 20% නිර්ණායකය පාවිච්චි කළ විට එජාප ලැයිස්තුවෙන් පත් කළයුතු හය දෙනාම කාන්තාවන්. මෙසේ කාන්තාවන් පත්කරනවාට වැඩි දෙනෙකුගේ අකමැත්තක් තිබෙනවා. සමහරු සංස්කෘතික තත්ත්වය වැනිදේ නිසා කාන්තාවන්ට ඡන්දය දෙන්න එපා කිවු අවස්ථා තිබුණා. කතාවට පමණක් නොව සැබෑ ලෙසම මහ පොළවේ කාන්තා නියෝජනය ස්ථාවර කළ යුතු නිසා මෙය ඉදිරියේ දී ගැටලුවක් වේවි කියා අප ඒ අයට පැහැදිලි කළා. කල්මුණේ එම තත්ත්වය ඇති වුනා. එම ආයතනයට කාන්තාවන් දහයකගේ නියෝජනය අනිවාර්යයෙන් අවශ්‍ය වුවත් එය සිදු වුනේ නැහැ. ලැයිස්තුවෙන් පත් කරන කණ්ඩායම සියලු දෙනා කාන්තාවන් වුවත් එම ප්‍රමාණය නොමැති වීම නෛතිකමය ලෙස ගැටලුවක්. මෙවැනි අවස්ථාවක අධිකරණය වෙත යාමෙන් පළාත් පාලන ආයතනය පවත්වාගෙන යාමට නෛතිකව ඉඩක් ලැබෙන්නෙ නැහැ.
මේ නිසා පළාත් පාලන ආයතනයක් නෛතිකව ස්ථාපිත කළ හැකිද යන ගැටලුව එවැනි ප්‍රදේශවල තිබෙනවා. මේ ගැටලුව පළාත් පාලන ආයතන 15කට 20කට පමණ පැන නඟිනවා.
කාන්තා නියෝජනය ගැටලුවක කර නොගෙන පවතින තත්ත්වය අනුව පළාත් පාලන ආයතන කරගෙන යාමට ඉඩ දෙන ලෙස අප සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින අතර මේ අර්බුද අවසන් කර ගැනීමට තවත් මසක පමණ කාලයක්වත් ගත වේවි. මේ ක්‍රමය නිසා කුඩා පක්ෂවලට වැඩි වාසියක් ලැබී තිබෙනවා. මෙතෙක් සංවිධානය වී නැත්නම් පශ්චාත් මැතිවරණ සමයේදී හෝ සන්ධානගත වීම මේ ක්රමයේ තිබෙනවා. මේ පත් වු අයට එම ආයතන කරගෙන යාමට ඉඩදී ඉදිරි මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට ක්‍රියාත්මක විය යුතුයි. එය කල් දැමුවොත් මීට වඩා ආණ්ඩුවට ගැටලු මතුවේවි.
පළාත් පාලන මැතිවරණ විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ හා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රසංග හරිස්චන්ද්‍ර මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
0 Comments