Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනතාවට සහනයක් වූ සහන සේවා ආයතනය

Author(s): 
ජයසිරි පේදුරුආරච්චි

ජනතාවගේ දුකේ දී මෙන්ම සැපේ දී ද ළඟින්ම සිටිමින් සහනයක් ගෙන දෙන්නේ නම් එය කළ්‍යාණ මිත්‍ර සේවනයයි. එවන් ජනතාවාදී සේවාවක නිරත වෙමින් ජනතාවගේ දුකේ දී මෙන්ම සැපේ දී ද ළඟින්ම සිටින අද වන විට දීප ව්‍යාප්ත සමාජ සත්කාරක සේවාවන්හි නියැලෙන නිවහනකි, සහන සේවා ආයතනය.

ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් පිහිටුවා ගත් සහන සේවා වැඩසටහන් රට පුරා කොතෙකුත් ඇත. ඉන් ජනතාවට සිදු වන්නේ අල්ප සේවයක් බව අප නිතර අසා ඇත. නමුත් ජනතා අදහස්වලට අනුව “සහන සේවා ආයතනය” එකී සේවා අබිබවා ජනතාව වෙනුවෙන්ම කැප වන ආයතනයක් බවට පත් වෙමින් ඇත්තේ දිනෙන් දින නව ශාඛා ද ආරම්භ කරමිනි.

අධ්‍යාපන සේවා, රැකියා සේවා, ස්වයං රැකියා සේවා, විවාහ මංගල සේවා, දරු ප්‍රසූති ආධාර සේවා, රෝහල් ආධාර සේවා, සැත්කම් ආධාර සේවා හා අවමංගල්‍ය සේවා ආදිය සහන සේවා ආයතනය විසින් ජනතාවට ලබා දෙන සේවා අතර ප්‍රධානය. වසර පහක් මුළුල්ලේ ශාඛා කාර්යාල හතක් හරහා ජනතාවට ලබා දුන් සේවා අතර ස්වයං රැකියාලාභීන් දෙදහස් අටසිය අනූවක්, දේශීය රැකියාලාභීන් එකසිය අසූවක්, දරු ප්‍රසූත ආධාරලාභීන් අසූ හතරක්, රෝහල් ආධාර සේවාලාභීන් හාරදහස් අටසිය අසූ පහක්, සැත්කම් ආධාර සේවාලාභීන් තිස් අටක් හා අවමංගල්‍යාධාර සේවාලාභීන් එකසිය අසූවක් පමණ වන බව එම ආයතනයේ ලේඛනගත තොරතුරු අනුව පෙනී යයි.

මේ ආයතනය කෙරෙහි ප්‍රජාව දැක්වූ විශ්වාසය තහවුරු කර ගනිමින් සේවා තවදුරටත් සාර්ථකව හා සුරක්ෂිතව සිදුකිරීමට රක්ෂණ හා වෙනත් ආයතන සමඟ ඒකාබද්ධතාව ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි. එමෙන්ම පසුගිය කාල පරිච්ඡේදයේ දී මාධ්‍ය හරහා තම උපදේශන නිලධාරියකු විසින් මේ ආයතනයේ සේවා පිළිබඳ වැරැදි ආකාරයට කරන ලද දැනුවත් කිරීමක් ඔස්සේ අපහසුතාවට පත් එහි සාමාජිකයන්ට තම කනගාටුව ප්‍රකාශ කරන බව ද අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.

හක්මණ, ලාල්පේ, ඉහළ හේන පදිංචි ජී. පුෂ්පා මානෙල් මහත්මිය තම ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු දියණිය සමඟ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි කාන්තාවකි. ඇයගේ දුක බෙදාගන්නට සහන සේවා ආයතනය පිහිට වූ ආකාරය මෙලෙස පැවැසුවාය.

"මගේ ස්වාමි පුරුෂයා මිය ගිහින් දැනට වසර අටක් වෙනවා. වයස දහතුනක් වූ මගේ දියණිය අට වසරේ ඉගෙනුම ලබනවා. මගේ මහත්තයා මිය ගියාට පසු දුවගේ අධ්‍යාපනයයි ගෙදර කටයුතුයි කර ගත්තේ හරිම අමාරුවෙන්. ඒත් මීට වසර තුනකට පෙර සහන සේවා ආයතනය අභ්‍යාස පොත් නිෂ්පාදනයට හා ෆාමසි කවර නිෂ්පාදනයට අතහිත දුන්නා. ඒ නිසා අද කාටවත් කරදරයක් නොවී මගේ මහන්සියෙන් ආදායමක් හොයාගෙන දුවටත් උගන්න ගෙන හොඳින් ඉන්නවා. ජීවිතය ගොඩදාගන්න මේක අපිට ලොකු උපකාරයක් වුණා. මෙය ලොකු පින්කමක්."

කිඹුලකු සපාකෑම නිසා සිය වම් අත අහිමි වූ ඩී. එච්. සුනිල් මහතා පනස් හය වැනි වියේ පසු වන විවාහක තැනැත්තෙකි. අත කිඹුලා සපාකෑමෙන් පසු ඒ සඳහා පාවිච්චි කරන ලද බෙහෙත් හේතුවෙන් සුනිල් වකුගඩු රෝගියකු බවට පත් වුණේ කබලෙන් ළිපට වැටුණු පරිද්දෙනි. අසරණ වූ සුනිල්ට පිහිටට ආවේ සහන සේවා ආයතනයයි.

"කිඹුලා කාලා අත අහිමි වුණාට පස්සේ ඒකට ගත්තු බෙහෙත්වලට මගේ වකුගඩු නරක් වුණා. අන්තිමට දුව ගාමන්ට් ගිහින් මාව රැක බලා ගත්තා. පසුව සහන සේවා ආයතනය ගැන ආරංචි වෙලා මම එහි සාමාජිකත්වය ගත්තා. ඒ එක්කම මට ඒ අය උදව්වට ඇවිත් මගේ වකුගඩු සැත්කමටයි රෝහල් ගාස්තු වලටයි රුපියල් හැට හයදහස් තුන්සියයක් ලබා දුන්නා. අද මම හොඳින් ජීවත්වෙන්නේ සහන සේවා ආයතනයට පින්සිඳුවන්නටයි."

සහන සේවා ආයතනයේ සාමාජික වන අයට ලැබෙන තවත් විශේෂිත සේවාවක් වන්නේ දරු ප්‍රසූතියක දී පිහිටට පැමිණීමයි.

හක්මන ධම්මිකා පතිරණ මහත්මිය

"මම හක්මණ සහන සේවා ආයතනයේ 2015 ජනවාරි සිට සාමාජිකත්වය ලබා ගත්තා. මගේ දෙවැනි දරුවා ලැබුණාට පසු මේ ආයතනයෙන් රුපියල් හත්දහස් පන්සියයක් ලැබුණා. ඒ වෙලාවේ මට ඒක ලොකු ශක්තියක් වුණා."

කළමනාකාර අධ්‍යක්ෂ මංජුල හෙට්ටිආරච්චි මහතා

"ජනතාවට සහන සැලසීමේ අරමුණින් අපි මේ සහන සේවා ආයතනය ආරම්භ කළේ සේවකයන් හතර දෙනෙකුගෙන්. අද වන විට එය සේවක සේවිකාවන් එකසිය විසි නවයක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. දිස්ත්‍රික් හතරක හා ප්‍රදේශ හතක ශාඛා කාර්යාල හතකින් ජනතාවට සහන සේවා සපයන්න අපිට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

පුරා වසර පහකට ආසන්න කාලයක සිට විවිධ දුෂ්කරතා බාධක මධ්‍යයේ අපි ග්‍රාමීය ප්‍රජාව දිළිඳු බවින් මුදවාගැනීමට ස්වයං රැකියා ව්‍යාපෘති රාශියක් දැනට ක්‍රියාත්මක කර තිබේ. එයින් ග්‍රාමීය ප්‍රජාවගේ ආදායම් ඉහළ නංවා දුගී බව තුරන් කිරීම අපගේ අරමුණයි.

අධ්‍යක්ෂ උදය කුමාර ගමගේ මහතා

"අපි ලබා දෙන ජනතා සහන අතර විශේෂිතම අවස්ථාවක් තමයි දේශීය මෙන්ම විදේශීය රැකියා සඳහා මඟ පෙන්වීම හා ස්වයං රැකියා අවස්ථා සඳහා මඟ පෙන්වීම. මෙහි දී දේශීය රැකියා සඳහා වැටුප රුපියල් දහඅට දහසේ සිට එක්ලක්ෂ පනස් දහස දක්වා මෙන්ම විදේශ රැකියා සඳහා වැටුප රුපියල් පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා ලබා දීම සිදු කරනවා.

ස්වයං රැකියාවලින් අවුරුදු හත අටක දී රුපියල් ලක්ෂ පනහේ සිට ලක්ෂ සියය දක්වා ආදායම් ලබා ගත හැකි අග්‍රාවුඩ් (වල්ලාපට්ටා) ගෙවතු වගාව, අවුරුද්දකින් පසු මාස දෙක තුනකට වරක් අවුරුදු පහත් හතත් අතර කාලය දක්වා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ සියය දක්වා ආදායම් ලබා ගත හැකි කෝමාරිකා වගාව, මාස හයක් හතක දී සියයට තිහක ප්‍රතිලාභ ලබා ගත හැකි ඕකිඩ් ගෙවතු වගාව, බිම්මල් වගාව මේ ආයතනය විසින් සෘජුවම නිෂ්පාදනයකර භාරගැනීමක් සිදු කරනවා. එමෙන්ම අභ්‍යාස පොත් නිෂ්පාදනයෙන් සියයට අසූවක් හා ෆාමසි කවර නිෂ්පාදනයෙන් සියයට සියයක් මිල දී ගන්නවා. මසකට සියයට හැටක ප්‍රතිලාභ ලබා ගත හැකි හඳුන්කූරු නිෂ්පාදනය සඳහා ද මෙහි දී මඟ පෙන්වන අතර වෙළෙඳපොළ සොයා ගැනීමට ද සහාය ලබා දෙනවා."

ලේකම් රංග ජයසිංහ මහතා

"අප ආයතනයේ ක්‍රියාත්මක විශේෂිතම ව්‍යාපෘතියක් ලෙස විවාහ මංගල සේවාව හා දරු ප්‍රසූත ආධාර සේවාව හඳුන්වා දිය හැකියි. දරු ප්‍රසූති සේවාවේ දී අප සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල පළමු දරුවාට රුපියල් පන්දහසක්, දෙවන දරුවාට රුපියල් හත් දහස් පන්සියයක් හා තෙවන දරුවාට රුපියල් දස දහසක් බැගින් ලබා දෙනවා. මෙය නිවුන් දරු උපත්වල දී දෙගුණ වෙනවා. නව සාමාජිකයන්ට අවමංගල සේවාවෙන් ස්වාභාවික මරණයක දී රුපියල් පනස් දහසක් හා හදිසි අනතුරු මරණයක දී රුපියල් ලක්ෂයක් ලබා දෙනවා. රෝහල් ආධාර සේවාව යටතේ පියා, මව, දරුවන් දෙදෙනකු සඳහා දිනකට රුපියල් පන්සියය බැගින් ද ලබා දෙනවා."

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();