අම්පාරේ සිද්ධි වැනි සිදුවීම් රටේ සංහිඳියාවට ගැටලුවක් බවත් එවැනි අභියෝගවලට රජය සාර්ථකව මුහුණ දිය යුතු වන බවත් එවැනි ගැටලුකාරී සිදුවීම් ඇතිකරන පිරිස් මේ රට රැගෙන යන්නේ කුමන දිශාවකට ද යන්න ගැන සිතා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැති සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම යන තිදෙනා විසින් අධ්‍යක්ෂණය කළ “තුන්දෙනෙක්” යන චිත්‍රපටයේ පළමු දර්ශනයද තිරගත විය.
ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ජාතික සංහිඳියාව ඇතිකරලීමට උත්සහ දරන්නන් විවිධ අපහාසවලට ලක්ව ඇති බවත් ආගමික නායකයන් වන බුදුන් වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ වැනි උත්තමයන්ටද යහපත් වැඩ කරන විට අපහාස කර ඇති බවයි.
කවුරුන් කෙසේ කීවත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇතිකරලීමට විශාල වැඩ කොටසක් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති බවද සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙන් එළි දැක්වූයේ එහි ප්‍රතිඵලයක් නිසා බවත් ජනාධිපතිවරයා පැවැසීය.


0 Comments