Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විගණන පනතට කැබිනට් අනුමැතිය

Author(s): 
දිස්නා මුදලිගේ

යහපාලනයේ තවත් පොරොන්දුවක් ඉටුවෙයි

සංශෝධිත විගණක පනත සඳහා කැබිනට් මණ්ඩලය ඊයේ (27) අනුමැතිය ලබා දී තිබේ. ඇමැති අනුකාරක සභාවේ සරත් අමුණුගම ඇමැතිවරයා මෙම විගණක පනත් කෙටුම්පත කැබිනට්ටුව වෙත ඉදිරිපත් කළ බව ඒ මහතා පැවසීය. සංශෝධිත පනත් කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුවකි.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙන්වා දුන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසුව පත් කළ විගණන සේවා කොමිෂන් සභාව නීතිමය ප්‍රතිපාදන නොතිබීම නිසා වසර දෙකහමාරකට වඩා කාලයක් අක්‍රීයව පැවතුනු බවයි.

23 වතාවක් මෙම පනතේ අවසන් කෙටුම්පත සංශෝධනය වී ඇති අතර අධිභාරය පිළිබඳ වන වගන්තියේ රජයේ සේවකයාට වැඩි මුදලක් ගෙවා ඇති විට එය ආපසු අයකර ගැනීම හෝ රජයට පාඩුවක් සිදු නොවන සේ හිලව් කර ගැනීම පිළිබඳ කරුණු මෙසේ සංශෝධනයට හේතු වී ඇත. කැබිනට් සංශෝධනයෙන් පසු ප්‍රථම වතාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණි. ජාතික සංවාද ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී තත්ත්වය පිළිබඳ රැස්වීමේදී අවධානය යොමු කළ බවයි.

දයා ගමගේ, රවුෆ් හකීම්, රිෂාද් බද්යුදීන් යන අමාත්‍යවරු පවතින එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවද මනෝ ගනේෂන් ඇමැතිවරයා කීය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ පක්ෂ දෙකක් එකට එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමෙන් ගම්වැසියන්ට වඩාත් ඵලදායී ප්‍රතිලාභ අත්කර දිය හැකි බවයි.

නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, දුමින්ද දිසානායක ඇමැතිවරයා කියා සිටියේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සාමූහික තීරණය වෙනුවෙන් පෙනී සිටින බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();