මහර, කැලණිය ජනාධිපති විදුහල් භූමියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් අබලන් තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් එම ගොඩනැගිල්ල කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ වන විට එම ගොඩනැගිල්ලේ බිත්ති බොල්වී පුපුරා එහි වහලයේ සමහර පරාල සහ සෙවිලි තහඩු කඩාවැටී ඇති බව එහි ඉගෙනුම ලබන සිසුන්ගේ මව්පියෝ පෙන්වා දෙති. අතීතයේ මෙම ගොඩනැගිල්ලේ තානායමක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහෙත් මෙහි වසර ගණනාවක සිට කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකර නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් එම ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට නොදන්වා හොර රහසේ මෙම ගොඩනැගිල්ලට ඇතුළුවන බැවින් එම සිසුන් අනතුරුවලට ලක්වීමේ අවදානමක් මතුව පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඒ අනුව මෙම අබලන් තත්ත්වයෙන් පවතින ගොඩනැගිල්ල නිසි පරිදි කඩා ඉවත් කර ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් මෙම විදුහලට ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
0 Comments