ජාතික කඹ ඇදීමේ සංගමය 14 වැනි වරට සංවිධාන කරන ජාතික කඹ ඇදීමේ තරගාවලිය මේ මස 24 හා 25 දෙදින කිලිනොච්චියේදී පැවැත්වේ.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගරයේදී පැවැත්විණි. එහිදී තරගාවලිය ගැන අදහස් දක්වමින් කඹ ඇදීමේ සංගමයේ ලේකම් ඩබ්ලිව් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙවර තරගාවලිය කිලිනොච්චි මධ්‍ය මහ විද්‍යාල ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවත් 24 වැනි දා කණ්ඩායම් ලියාපදිංචි කිරීම හා කණ්ඩායම් බර කිරීමද, 25 වැනිදා තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
ලියාපදිංචි ක්‍රීඩා සංගම් 18ක් මේ වනවිටත් අයැදුම්පත් යොමු කර ඇති අතර ආධුනික කණ්ඩායම් ඇතුළුව කණ්ඩායම් 25ක් මෙවර තරගාවලියට එක්වෙයි. කාන්තා කණ්ඩායම් 7කට වැඩි ප්‍රමාණයක් කිලෝ ගැම් 540 කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර කිලෝගෑම් 640 කාණ්ඩයෙන් පිරිමි කණ්ඩායම් 25කට වැඩි ප්‍රමාණයක් තරගාවලියට එක්වීමට නියමිත බවද ප්‍රනාන්දු මහතා පැවැසීය. පළමු වරට උතුර, උතුරු මැද පළාත නියෝජනය වන පරිදී ආධුනික කණ්ඩායම් වලටද තරගාවලිය විවෘතව පවතින බවත් ඒ මහතා පවසා සිටියේය.
1933 වසරේදී ස්වීඩනය ජාතික කඹ ඇදීමේ සම්මේලනයක් පිහිටුවා ගනිමින් ලොව පුරා ප්‍රචලිත කර වූ කඹ ඇදීමේ ක්‍රීඩාව පසුව 1958දී එංගලන්තය හරහා ලොව බොහෝ රටවල් කරා ව්‍යාප්ත විය. මේ වන විට ලොව රටවල් ගණනාවක ජාතික වශයෙන් කඹ ඇදීමේ ක්‍රීඩාව ව්‍යාප්තව ඇති බවත් 2004 වසරේදී රටවල් 63ක සාමාජිකත්වයෙන් කඹ ඇදීමේ ජාත්‍යන්තර සම්මේලනය (TWIF) පිහිටුවාගෙන තිබෙන අතර 2006 වසරේදී ශ්‍රී ලංකාව ද කඹ ඇදීමේ ජාතික සම්මේලනයේ සමාජිකත්වය ලබාගෙන ඇත. 1900 සිට 1920 දක්වා කඹ ඇදීමේ ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළලේ ප්‍රමුඛතම ක්රීඩාවක්ව පැවැති බවත් 1900 වසරේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේදී පළමු රන් පදක්කම ස්විඩනය විසින් දිනාගන්නා ගෙන ඇත. 1904 වසරේ සාන්ත ලුවිස් ඔලිම්පික් උළලේදී අමෙරිකාව විසින් රන්, රදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනා ගෙන ඇත. 1920 වසරේදී ජගත් ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ගත් තිරණයත් සමග කඹ ඇදීමේ තරග ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩාවේන් ඉවත් විය.
1999 වසරේදී නැවත වතාවක් කඹ ඇදිමේ ජාත්‍යන්තර සංගමය (TWIF) ජගත් ඔලිම්පික් කමිටුවේ තාවකාලික සාමාජිකත්වය හිමිව ඇති අතර 2002 වසරේදී එම සාමාජිකත්වය ස්ථිර කරන ලදී. වර්තමානයේ ජගත් ඔලිම්පික් කමිටුව විසින් ස්ථිර කරනු ලැබූ ක්‍රීඩාවක් ලෙසින් පැවැත්වෙයි.
කළුතර, රත්නපුර, ගම්පහ, ගාල්ල, මාතර, මඩකලපුව, යාපනය හා කොළඹ යන දිස්ත්‍රික්ක වල කඹ ඇදීමේ දිස්ත්‍රික්ක සංගම් පිහිටුවා ඇති අතර ත්‍රිවිධ හමුදාව හා ආයතන කිහිපයක් ආයතනික කණ්ඩායම් පිහිටුවා ඇති බවත් පසුගිය වසරේ සැප්තැම්බර් යාපනයේ පැවැති ජාතික ක්‍රීඩා උළෙලට කඹ ඇදිමේ තරග ඉසව්ව ඇතුළත් වීමත් සමඟ මේ වන විට කඹ ඇදීමේ ක්‍රීඩාවට පාසල් මට්මමින්ද උනන්දුවක් ඇතිව ඇති බවත් පාසල් කණ්ඩායම් බිහි වෙමින් ඇති බවත් කඹ ඇදීමේ සංගමයේ සභාපති කර්නල් ආර්.ඒ. ජේ.එන්.රණසිංහ මහතා පැවැසීය. ජාත්‍යන්තර පුහුණුකරුවකුගේ හා ජාත්‍යන්තර තාක්ෂනික නිලධාරීයෙකුගේ උපදෙස් හා පුහුණුව ලබන වසරේ සිට මෙරට කඹ ඇදීමේ ක්‍රීඩාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ලබන වසරේ ජාතික කඹ ඇදිමේ තරගාවලියට සමගාමීව ජාත්‍යන්තර කණ්ඩාමක්ද මෙරටට ගෙන්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීමක් ලබාදීමට ඒ තුළින් කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ භාණ්ඩාගාරික යූ.ඩී.එන්. සංජීව මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
0 Comments