Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම කඩිනම් කරනවා

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පත්කිරීම් කඩිනමින් සිදුකරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පැවසීය.

ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය මාසයක් ඇතුළත නිකුත් කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ස්ථීර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල් සඳහා ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ ජාතික පාසල් ලේඛනය හා අනෙකුත් ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමුකර ඇති බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

දිවයින පුරා ජාතික පාසල් 353ක් ඇති අතර විදුහල් 121ක් සඳහා ස්ථීර විදුහල්පතිවරු පත් කර ඇති අතර දැනට වැඩ ආවරණය කරන ශ්‍රේණිගත ගුරුවරු සංඛ්‍යාව 232ක් සිටිනබවද අමාත්‍යවරයා පැවසීය. ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසිය.

ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ විශාල හිඟයක් තිබුණා. පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ම නියමිත ශ්‍රේණිධාරීන් හිටියේ නෑ. ඒ නිසා විදුහල්පතිවරුන් බඳවා ගැනීම ආරම්භ කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් බඳවා ගනු ලැබුවා. වසරක් පුහුණු කළා. විදුහල්පති තුන්වන ශ්‍රේණියේ හාරදහසක් පමණ බඳවාගෙන පද්ධතියට දමා තිබෙනවා. දැන් ගැසට් කරලා, ඉතාම ඉක්මනින් බඳවා ගැනීමට කටයුතු කරනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();