ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබෙනවා.
නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා ඇතුළු කප්පරතොට ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් Indo pacific furry lobster නොහොත් Palinurellus wieneckii ලෙස හඳුනා ගෙන ඇති මෙම පොකිරිස්සන් විශේෂය මීට පෙර දකුණු ඉන්දියානු සාගරයේ වාර්තා නොවූ බවත් ජපානය, තායිලන්තය, සුමාත්‍රා, රතු මුහුද සහා සොලමන් දුපත් වලින් වාර්තා වී ඇති බවත් සඳහන් කළා.
ධීවර කර්මාන්තයට එතරම් දායකත්වයක් නොදරනමුත් ඇතැම් විට දැල්වල පැටලීම සහ කිමිදුම්කරුවන් විසින් අල්ලා ගනු ලබන අතර පාරිසරික හේතුන් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා අන්තර්ජාතික රතු දත්ත ලැයිස්තුවට ඇතුළත්කොට ඇත.
ලංකාවේ සුලබ ලෙස හමුවන Palinuridae කුලයට අයත් කටු පොකිරිස්සන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා අතර ශීර්ෂෞරසය ඕවලාකාර හැඩයක් ගනී. දේහය තනි රතු තැඹිලි වර්ණයක් ගන්නා අතර පූර්ව පාද යුගල සාපේක්ෂව අනෙකුත් පාද වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීමත්, ඉදිරි ස්පර්ශක යුගල සාපේක්ෂව කුඩා වීමත් එය ශීර්ෂෞරසයේ දිගට වඩා ප්‍රමාණයෙන් අඩු වීමත් නිසා පහසුවෙන් හඳුනාගත හැක.
තවද දේහයේ මතුපිට කටු පොකිරිස්සන්ගේ මෙන් තුන්ඩ නොමැති අතර ගැටිති සහ රෝම වැනි ස්වභාවයක් පෙන්වයි. කොරල්පර සහිත නොගැඹුරු මුහුදේ වාසය කරන මෙම පොකිරිස්සන් විශේෂය තංගල්ල වරාය ආසන්නයේ කිමිදීමේ නිරතව සිටි චින්තන පුෂ්පකුමාර මහතාට හමුවී ඇති අතර ඔහු විසින් නාරා ආයතනය වෙත භාරදී තිබුණි.


from Gossip Lanka News & Video http://ift.tt/2CpAvUw
via internet

0 Comments