Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෝදි බිරිය මාරක රිය අනතුරකින් නූලෙන් බේරෙයි

 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිය මාරක රිය අනතුරකින් අනූ නවයෙන් බේරී තිබේ. ජෂෝදබන් නරේන්ද්‍රබායි මෝදි ගමන් ගත් මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර එහිදී එක් අයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. රාජස්ථානයේ චිතෝර් ආසන්නයේ දී අධිවේගී මාර්ගයේ දී මෙම අනතුර සිදු වන අවස්ථාවේ එම මෝටර් රථයේ හත් දෙනකු ගමන් කර ඇති අතර අග්‍රාමාත්‍ය බිරිය , රියැදුරා සහ ආරක්ෂකයා තුවාල ලබා ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ජෂෝදබන් ගේ ඥාතියෙකි.

අගමැති නරේන්ද්‍ර මෝදි, ජෂෝදබන් හා විවාහ වී ඇත්තේ 1967 වසරේ දී එනම් ඔහු 17 වැනි වියේ දීය. එම විවාහය සාර්ථක විවාහයක් නොවන්නේ ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වීමෙන් වුවත් ඔවුන් ගේ විවාහය පිළිබඳ පළමුවෙන් හෙළිදරව් වූයේ නරේන්ද්‍ර මෝදී 2014 වසරේදී භාරතීය ජනතා පක්ෂයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා ‍දුන් අවස්ථාවේ දීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();