Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අම්පාර නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර තිබෙනවා

අම්පාර නගරයේ පෙරේදා (26) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. අම්පාර ඩී. එස්. සේනානායක වීදියේ ආපනශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, පෙරේදා (26) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබෙනවා.

රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිඳියාව කඩා බිඳ දැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ වි‍රෝධය වහා මැඬපැවැත්වීමට මේ වනවිටත් මා පියවර ගෙන තිබෙනවා.

මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු‍ නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();