Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවීමට ආලෝකයේ මාවතක් කර ගනිමු

 වාර්ගික, ආගමික භේදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවීමට මහා ශිව රාත්‍රී දිනය අපගේ ජීවිතවලට ආලෝකයේ මාවතක් කර ගනිමු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිවරාත්‍රිය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම පණිවුඩය මෙසේය.

ලොව පුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක් නොමැති කරුණාවන්ත වූ ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටුකරමින් මහත් හරසරින් මහා ශිව රාත්‍රී දිනය සමරන අතර, මෙය ශිව දෙවියන් අතිශය ප්‍රිය කරන රාත්‍රිය ලෙස සැලකේ.

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල්වේවායි ප්‍රාර්ථනයෙන් මේ රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියා ඉටුකරති. ශිව රාත්‍රිය අර්ථවත්ව ගතකිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද වන මහා ශිව රාත්‍රී දිනය සුවිශේෂ සංස්කෘතික අංගවලින් ද සමන්විත ය.

සියලු සත්ත්වයන්ට ආදරය, කරුණාව දක්වමින් එමගින් දෙවියන් දකින උසස් හින්දු සම්ප්‍රදායකින් යුත් ශ්‍රී ලාංකික හින්දු ජනතාව ද ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් සමඟ එක්සත්ව හා මිත්‍රත්වයෙන් ජීවත් වීමේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියති. වාර්ගික, ආගමික භේදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවන්නට මහා ශිව රාත්‍රී දිනය අප ජීවිතවලටද ආලෝකයේ මාවතක් කරගනිමු.

මහා ශිවරාත්‍රී උත්සවය සමරන සමස්ත හින්දු ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් වූ තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවායි මාගේ හදපිරි සුබපැතුම් පිරිනමන අතර අර්ථපූර්ණ ප්‍රීතිමත් ශිව රාත්‍රී දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();