Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තනි අලියා කනත්ලේ භාතියගම බිය වද්දයි

කනත්ලේ නාගරික සීමාවට අයත් භාතියගම ප්‍රදේශයට ඊයේ (13) අළුයම 5.30 ට පමණ තනි අලියකු පැමිණ එහි ජනතාව මර බිය ගන්වා වගාවන්ට , ආරක්ෂිත වැටවල්වලට හා නිවාසවලට වගාවන්ට ද බරපතළ හානි සිදු කොට පලා ගොස් ඇති බව ඔව්හු පොලිසියට හා වනජීවියට පැමිණිලි කළහ.

දැන් මාස කීපයක් තිස්සේ තනි අලියකු තම ප්‍රදේශයේ අළුයම් කාලයේ සැරිසරන බවත් මේ පිළිබඳව දැණුවත් කළ යුතු සියලු පාර්ශව දැනුවත් කළද ඉන් පලක් නොවූ හෙයින් වන ජීවි කාර්යාලයට ගොස් එහි අඩවි සහකාර ඩී.එම්.සිරිවර්ධන මහතා හමුවී පිළිසරණක් ඉල්ලීමට තීරණය කළ බවත් එම ජනතාව අප සමඟ ප්‍රකාශ කර සිිටියහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ වරාපිටිය ගොවි සංවිධානයේ ලේකම් එම්.ආර්. ගුණරත්න මහතා- “ දැන් මාස කීපයක සිට මේ තනි අලියා රෑ තිස්සේ ගම පුරාම සැරි සරනවා. රාත්‍රියේ හදිසියේ එළියට පහළියට ආ අය පණ බේරාගෙන තිබෙන්නේ අනූ නවයෙන්. රෑ තිස්සේ බව බෝග වනසලා අළුයම කැලෑ වදිනවා. දැන් මේක පුරුද්දක් කරගෙන . අලි වැටක් දෙන්න කියලා අපි අද පොලිසියටත් වනජීවියටත් ගිහින් පැමැණිළි කළා.

භාතියගම ප්‍රධාන මාර්ගය අයිනේ පදිංචි දයාමාලි මොරගම්මන මහත්මිය- අද පාන්දර 5.45 ට විතර මම මැරිලා ඉපදුනා කිව්වොත් තමයි හරි. ඒ තරමටම බය වුණා. සිහියත් නැති වෙන්න වගේ ආවේ.පාන්දර 5.30 ට විතර මහත්තයා එක්ක එළියට ඇවිල්ලා මහත්තයා වැඩට යන්න ඇරලලා ගේ දිහාට එනකොටම අලියා මගේ ඉස්සරහට ඈතින් එනවා. මට කෑගහන්නත් වචන ආවේ නැහැ. අසිහියෙන් වාගේ ගේ පැත්තටම දුවලා දොර බාගෙට වහගෙන බලාගෙන හිටියා.අලියා ගේට්ටුව හොඳට හොඬවැලෙන් ඇරලා මිනිහෙක් වගේ ගේට්ටුව පොඩිකරලා ආපහු ගියා. මහත්තයා සූරියපුර පොලිසියේ වැඩට යනවා. පුතා කැම්පස් එකේ. දුවත් ගෙදර නැහැ බෝඩිමේ. මම විතරයි ඉන්නේ. මේ වගේ බයවීමක් මගේ ජීවිතේට වුනේ නැහැ. දැන් තනියම ගෙදර ඉන්නත් බයයි. මොනවා හරි කරලා අපේ ආරක්ෂාව සපයන්න කියලයි අපි කියන්නේ. 

කන්තලේ සමූහ
සුමිත්‍රා කුමාරිහාමි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();